උතුරු පළාතේ ස්ථාපිත කර තිබෙන යුද හමුදා කදවුරු ඉවත් කළහොත් තවත් සමුහ මිනී වළවල් සොයා ගත හැකි බවට

අතුරුදහන් තම පුත්‍රයා සොයමින් අඛණ්ඩ අරගලයක යෙදී සිටින මන්නාරමේ දෙමළ මාතාවක් සදහන් කරයි.

"හමුදා කඳවුරු ඉවත් කරොත් තවත් මිනී වළවල් එළිවෙනවා. මොකද හමුදා කඳවුරු වල මිනී වළවල් තියනවා. අල්ලං ගිය ළමයිව එයාලා ගහලා මරලා ඇති. ඒ තැන්වල ඔවුන් වළදාලා ඇති නිසා තමයි හමුදා කදවුරු ඉවත් නොකරන්න හේතුව, තමන්ගේ සිංහල ජනතාව ගෙනල්ලා පදිංචි කිරීමටත් බෞද්ධ විහාර එතන හදන්නත් හේතුව මිනී වළවල් වහාගෙන තමන්ගේ ජනතාව එක්කං ඇවිල්ලා ආරක්ෂා කරන්න තමයි."

2008 වසරේදී බලහත්කාරයෙන් අතුරුදහන් කළ තම 24 හැවිරිදි පුත්‍රයා සොයමින් අරගල කරන, මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි මනුවෙල් උදයචන්ද්‍ර ඒ බව සදහන් කළේ, අතුරුදහන් සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලමින් මන්නාරම බසාර් ප්‍රදේශයේ ජුලි 7 වැනිදා පැවැති විරෝධතාවයකට එක්වෙමිනි.



විරෝධතාවය අතරතුර දී මනුවෙල් උදයචන්ද්‍ර මාතාව තව දුරටත් සදහන් කළේ, යුද වින්දිතයන්ට යුක්තිය ඉටු වීමටනම් දෙමළ ප්‍රදේශවල වාඩිලා සිටින යුද හමුදාව ඉවත් කළ යුතු බවයි.



"අපේ දෙමළ ප්‍රදේශයේ බෞද්ධ පන්සල් අවශ්‍ය නැහැ. එයාලගේ කවුරුත් මෙහේ නැහැ. දෙමළ ප්‍රදේශයේ එයාලා මොකටද ගෙන්නලා පදිංචි කරන්න ඔනේ. සිංහල හමුදාව එලියට යන්න කියලා තමයි අපි කියන්නේ. එලියට ගියොත් තමයි අපේ ප්‍රශ්න වලට උත්තරයක් ලැබෙන්නේ."  


ඉවත් කරන්නේ නෑ

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ජුලි 6 වැනිදා සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා තිබුනේ "කිසිවිටෙකත් කිසිවෙකු සතුටු කිරීම වෙනුවෙන් හමුදා කඳවුරු ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේ නැහැ. නමුත් නිසි විමර්ශනයකින් අනතුරුව අවසන් තීන්දු තීරණ ගැනීමට රජය කටයුතු කරනවා." යනුවෙනි.

ඔන ඔන ජාත්‍යන්තර විමර්ශනයක් ඔන, ගෙදර ඉදන් අල්ලගෙන ගිය අපේ ඥාතීන් කෝ ?,  සුදු වෑන් වලින් අල්ලංගිය ළමයි කෝ OMP ත් එපා ලක්ෂ දෙකත් එපා ආදී වශයෙන් සදහන් බැනර් සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින් උද්ඝෝෂණය දියත් කළ මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ අවධාරණය කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය ගැටළුවලට යහපත් විසදුමක් ලබා දිය යුතු බවයි.

{gallery}cover graves{/gallery}

" අපිට විසදුමක් ලැබෙනකං අපි උද්ඝෝෂණ කරනවා. අවසාන වශයෙන් අපි එක දෙයක් කියනවා, එක්සත් ජාතීන්ගේ සංවිධානය අඩුම තරමින් අපට හොඳ විසඳුමක් ලබා දෙන්න ඔන." මනුවෙල් උදයචන්ද්‍ර මාතාව වැඩි දුරටත් සදහන් කළාය.

රජයේ හමුදා විසින් අතුරුදහන් කරනු ලැබූ තම සමීපතමයන්ට යුක්තිය ඉටු කිරීමට අසමත්ව, වන්දි ලබා දීම ගැන පමණක් කතා කරන අතුරුදහන් තැනැත්තන්ගේ කාර්යාලය (OMP) ඉවත් කරන ලෙස ද විරෝධතාවයට එක්වු  මන්නාරමේ  දෙමළ මව්වරු ඉල්ලා සිටිති.
 

 

 

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image