නාවලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි සාමණේර හිමිවරුන් තිදෙනෙකු අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්
08 දින එම විහාරස්ථානයේ වැඩ සිටි හික්ෂුවක් අත්අඩංගුවට ගෙන නාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් හර්ෂණි රාජකරුණා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකාර භික්ෂුව මේ මස 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය.
අපයෝජනයට ලක්වූවේ යැයි කියන සාමණේර හිමිවරුන් තිදෙනා සහ එම විහාරස්ථානයේ වැඩ සිටින සෙසු සාමණේර හිමිවරුන්ද නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර එහි වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය නාවලපිටිය පොලිසියට නියෝග කළාය.
නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගය අබියස පිහිටි විහාරස්ථානයක වැඩසිටින සාමනේර හිමිවරුන් තිදෙනෙකු සැකකාර භික්ෂුව විසින් අපයෝජනය කර ඇති බවට ළමා ආරක්ෂන අධිකාරිය වෙත ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකර සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.
(සටහන : නුවරඑළිය නාලක රත්නායක)