ශ්‍රී ලංකා ජාතික රෝහලේ නොවිසුඳුණු ගැටළුවලට එරෙහිව බදාදා සිට සේවයෙන් ඉවත් වෙන බව සෞඛ්‍ය සේවයේ ප්‍රකට වෘත්තීය සමිතියක් කියා සිටියි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෙත ලිඛිත දැනුම්දීමක් කරමින් එම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයයි.
එම සංගමයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන්, රවී කුමුදේශ්, චානක ධර්මවික්‍රම සහ තුෂාර රණදේව යන වෘත්තීය සමිති නායකයින්ගේ අත්සනින් යුතුව එම ලිපිය යොමුකර ඇත්තේ, ජුලි 08 වෙනිදාය.
මාධ්‍ය වෙත ද පිටපත් සහිතව යොමුකර ඇති එම ලිපිය පහත පළවේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෘත්තීය සමිති නායක රවී කුමුදේශ් මෙසේ සඳහන් කළේය.
''පැලැස්තර විසඳුම් දෙනවා වෙනුවට, රෝගීන්ට වෙන අසාධාරණය කියන්න තැනක් හදන්නවත් තවම උනන්දුවක් නෑ.''
'' පොලිසිය මතක තියා ගන්න ඕනේ තමනුත් ලෙඩ වෙලා ආවම වෙන්නේ ඔය ටිකම තමයි කියලා''
'' රෝගීන්ට සැකයක් එන හැම වෙලාවෙම පැමිණිලි කරන්න, ඒවා විභාග කරන එක පොලිසියේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වෛද්‍ය සභාවේ වගකීමක්.''
'' උපකරණ මිලදී ගන්න කලබල වෙන අය, ඒවා වැඩ නොකර රෝගීන් පෝලිම්වල දුක් විඳිනකොට කලබල වෙන්නේ නෑ.''
'' සෞඛ්‍යා අමාත්‍යාංශය මිලදී අරගෙන තියන මිලියන ගණනක් වටින අධි තාක්ෂණික උපකරණ වලින් 20% -30 % අතර ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගන්නේ නැතුව තමයි රෝගීන්ව අවුරුදු ගණන් පෝලිම් වල තියලා තියෙන්නේ''
'' උපකරණ මිල දී ගැනීම අවශ්‍යතාවයට අනූව නෙවෙයි වෙන්නේ, බිස්නස් සහ කොමිස් වුවමණාවට අනූව තමයි සියළු ප්‍රසම්පාදන කටයුතු වෙන්නේ.''
'' බොහෝ වෙලාවට මේ උපකරණ පාවිච්චි කරන වෘත්තිකයෝ දන්නේවත් නැතුව, වෙන අයගේ ගණුදෙනු පියවා ගන්න අධි තාක්ෂණික උපකරණ හිටි හැටියේ රෝහල් වලට ගොඩ බානවා. උපකරණ මිලදී ගන්න කලබල වෙන අය, ඒවා වැඩ නොකර රෝගීන් පෝලිම්වල දුක් විඳිනකොට කලබල වෙන්නේ නෑ.''