පොලිස්පති ධුරයේ රාජකාරී කිරීම සඳහා තවත් මාස 3ක සේවා දිගුවක් සී.ඩී. වික්‍රමරත්න ට ලබා දෙමින් ඊට අදාළ ජනපතිගේ නිර්දේශය අනුමත කිරීම

සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇතැයි කතානායකරවා පවසයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ, ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (10) දිනයේ දී අදාළ නිර්දේශය තමන් වෙත යොමු කළ බවයි.

ලබන සතියේ රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී මේ පිළිබඳව අවධානය යොමු කරන බව කතානායකවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම සඳහා සී.ඩී. වික්‍රමරත්න ට දෙවන වරටත් තවත් මාස 3ක කාලය සඳහා සේවා දිගුවක් ලබා දුන්නේ පසුගිය ඉරිදා සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමග ඉරිදා සවස ජනාධිපතිවරයා පදිංචිව සිටින පැජට් පාරේ නිල නිවසේ පැයකට ආසන්න වෙලාවක් පැවති සාකච්ජාවකින් අනතුරුවය.

කෙසේවුවද එම සේවා දිගුව ලබාදීම ව්‍යවස්ථාවට පටහැනි බවට ඇතැම් දේශපාලනඥයින් පවසයි.




Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්