ආණ්ඩුවේ තනතුරු ලබාගැනීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවු
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් යළි එම තනතුරුවල පිහිටුවීමට ඊයේ (15) පියවර ගැනුණි.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදීය.
එම අවස්ථාවට ද ආණ්ඩුවේ තනතුරු ලබාගත් පක්ෂ සාමාජිකයින් එක්වී සිටියේය.
අදාළ රැස්වීමේදී සිදුවූයේ ආණ්ඩුවේ තනතුරු ලබාගැනීම නිසා තාවකාලිකව අත්හිටුවා තිබු තනතුරුවලට අදාළ පක්ෂ සාමාජිකයින් පත් කිරීමය.
එහිදී අමාත්‍ය ලසන්ත අලගියවන්න ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධූරයට පත් කිරීමට ද තීරණය කෙරුණි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පෙරේද (14) පස්වරුවේ පැවැත්වුණි.
ආණ්ඩුවේ තනතුරු ලබාගැනීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවු නිදහස් පක්ෂ සාමාජිකයින් පිරිසක් ද ඊට එක්වී සිටියේය.
(aruna.lk)