අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ වාර්තාව සති 3 කින් පමණ ලබාදීමට බලාපොරොත්තුවන බව කමිටු සමාජික වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ඔහු සඳහන් කළේ, මෙම සිදුවීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව අද (18) රැස්වී ඒ සම්බන්ධයෙන් වන ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කරන බවයි.

අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේ ය.

එම කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස් ය.  මහාචාර්ය චන්දිම ජීවන්දර, මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති, මහාචාර්ය නිතුෂි සමරනායක, මහාචාර්ය එස් එස් පී වර්ණකුලසූරිය, ආචාර්ය සෙනිත් ලියනගේ සහ ආචාර්ය පිලිප් එච් ලී එම විශේෂඥ කමිටුවේ සෙසු සාමාජිකයන් වේ.  

නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගැබිණි මවක ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු මියයාම මෙන්ම උදරාබාධයකට ප්‍රතිකාර ලබන අතරවාරයේ 21 හැවිරිදි තරුණියක මිය යාම ද පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට ලක් වූ සිද්ධීන් වේ.


සෞඛ්‍ය ඇමතිගෙන් අද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්


පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි ඵන්නතක් ලබා දීමෙන් අනතුරුව තරුණියක් මියගිය බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේදී කරුණු දක්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

මහනුවර පොත්තපිටිය, අලගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි අදාළ තරුණිය පසුගිය 11වනදා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබුණේ උදරාබාධයක් හේතුවෙනි.

එහිදී එන්නත් දෙකක් ලබා දිමෙන් පසුව ඇය මිය ගිය බවට එම තරුණියගේ ඥාතීන් චෝදනා කරති.

එවන් පසුබිමක් තුළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව රැසක් අදහස් පළ කර තිබු අතර එයද පාදක කර ගනිමින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුතු කමිටුවක්ද පසුගියදා පත් කෙරින.

ඵම කමිටුවේ සාමාජිකයින් පසුගිය 15වනදා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ගොස් ඵම සිදුවීමට අදාළ කරුණු සොයා බැලීමක් සිදු කර තිබිණ.

ඉන් අනතුරුව එම තරුණියට ලබා දී තිබූ එන්නත් ඛාණ්ඩයට අදාළ ඖෂධ මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී තාවකාලිකව භාවිතයට ගැනීම අත්හිටුවීමටද පියවර ගැනිණ .

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාලවරයාගේ ප්‍රදානත්වයෙන් අදාළ සිදුවීම පිළීබඳ විමර්ශනය කළ කමිටුව එහි වාර්තාව ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත භාර දි තිබේ.

එම විමර්ශන කමිටු වාර්තාව සෞඛ්‍ය ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.



''සෞඛ්‍ය සේවාවේ එකම ප්‍රශ්ණය අසාත්මිකතාවය නොවේ''


මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ, සෞඛ්‍ය සේවාවේ එකම ප්‍රශ්ණය අසාත්මිකතාවය නොවන බවයි.

 '' පසුගිය වසරේ පමණක් ලියාපදිංචියෙන් තොරව ඖෂධ ගෙන්වීම සඳහා ලිපි 764ක් නිකුත් කර තිබෙනවා. මේ වසරේ දැනටමත් 500කට වඩා වැඩි ඖෂධ ප්‍රමාණයක් ලියාපදිංචියෙන් තොරව ගෙන්වලා  තියනවා. ඒවා අසාත්මිකාතා ගැටළු නෙවේ. මේ සියල්ල නැවත රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කල යුතුයි.''

අසාත්මිකතාවය පිළිබඳ විශේෂඥයෙක් (Allergist) සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නෑ. හදිසි ආසාත්මිකතාවයට ලක්වූ රෝගීන් කළමණාකරණය පිළිබඳව ප්‍රතිපතිමය තීරණ ගැනීමට එම විශේෂඥතාවය ඇති මහාචාර්‍ය චන්දිම ජීවන්දර මහතාව වහාම අදාල විමර්ෂණ කමිටු වලට පත් කරන්න

තීරණය සාක්කූවේ දාගෙන  යන කමිටු වලට මේ ගැටළු විසඳන්න බෑ. රෝගියාගේ පැත්තේ හිටගෙන, ගැටළුව දිහ බලන්න පුළුවන් වෙනතුරු, සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ගැටළුවට උත්තර හොයන්න බැහැ'' වෘත්තීය සමිති නායක රවී කුමුදේෂ් පැවසිය. 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්