නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපයේ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති

වික්‍රමසිංහගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පැවසීය.

අද ලෝකයේ කිසිඳු රටකට තනිව ඉදිරියට යා නොහැකි අතර, ලොව දියුණු සෑම රටක්ම එම ප්‍රගතිය උදාකරගෙන ඇත්තේ කලාප හවුල්කාරිත්වය තුළින් බව පවසන අමාත්‍යවරයා, දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු - ලංකා සබඳතා වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා ඉටුකර ගැනීම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ බවද සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මේ බව සදහන් කර සිටියේ, ජනාධිපති වික්‍රමසිංහ ගේ දෙදින ඉන්දීය නිල සංචාරය සහ “ඉන්දු -ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම” පිළිබඳ දැනුවත් කිරීමට ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

PMC Press Hon.Ali Sabry 3 

දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තර කර ගැනීම රජයේ අරමුණ බව ද විදේශ අමාත්‍යවරයා පැවසීය.

 

''ඉන්දියානු සාගර කලාපය තුළ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනපතිගේ අපේක්ෂාවයි ''


මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වු විදේශ කටයුතු  අමාත්‍ය අලි සබ්‍රි මෙසේ පැවසිය.

''ශ්‍රී ලංකාවේ සමීප සහ දිගුකාලීන මිත්‍ර රාජ්‍ය වන ඉන්දියාව සමඟ අවබෝධාත්මක සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම රටවල් දෙකට මෙන්ම කලාපයටම ඉතා යහපත් තත්ත්වයක් වන බව අප විශ්වාස කරනවා. ඉදිරි දශක දෙක, තුනේදී ලෝකයේ සිදුවන ආර්ථික වර්ධනයෙන් 2/3ක් පමණ  සිදු වන්නේ ආසියානු පැසිෆික් කලාපය තුළ බව අද සියලුදෙනා පිළිගන්නා කරුණක්. ඒ වගේම එහි නායකත්වය ගනු ලබන්නේ ඉන්දියාව සහ චීනය යන්න විවාදයකින් තොරව ජාත්‍යන්තරයම පිළිගන්නා සත්‍යයක් බවට පත්ව තිබෙනවා.

 

ඉන්දියානු සාගර කලාපය තුළ තිබෙන මෙම විශාල සංවර්ධන අවකාශයෙන් අප ප්‍රයෝජන ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මයි. යුරෝපා හවුල දෙස බැලූ විට එමගින් සම්පුර්ණ යුරෝපා කලාපයම දියුණු වුණා. මැදපෙරදිග රටවල් ගත්විටත් තත්ත්වය එසේමයි. චීනය වගේම ඇමරිකානු කලාපයත් සංවර්ධනය අත්පත් කරගනු ලැබුවේ ඒ අයුරින්. අපත් බලාපොරොත්තු වන්නේ මෙම සංවර්ධන අවකාශයන් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යාමටයි.

 

F1fxWBmXgBAC2aR 1689876901

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වුණා. එම කාලය තුළ එතුමා වැදගත් සාකච්ඡා කිහිපයකට එක් වුණා.  ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය ප්‍රධාන ආරක්ෂක උපදේශකවරයා සමඟද සාකච්ඡා පැවැත්වුවා. ඉන් පසුව ජනාධිපතිතුමා  ශ්‍රී ලංකා දූත පිරිස සමඟ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළා.

පසුගිය කාලය තුළ අප මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී ඉන්දියාව අපට විශාල වශයෙන් සහාය වුණා. මුල්‍ය සහන ලබාදීම තුළින් මෙන්ම විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලදි ඉන්දියාව නායකත්වය ගෙන ක්‍රියා කළා. අප මෙම ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් කරගතයුතුව තිබෙනවා. ඒ සඳහා ද ඉන්දියාවේ සහය අපට අඛණ්ඩව හිමිවන අතර මෙම සියලු කටයුතු වෙනුවෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට ස්තූති කිරීමට ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළා.

එසේම අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරෙන මෙම අවස්ථාවේ දී තවදුරටත් අපගේ ආර්ථික, සාමාජයීය හා දෙරටේ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට නම් ආයෝජන අවශ්‍යයි. ඒ වගේම එම ආයෝජන තුළින් වෙළෙඳපොළ සොයාගත යුතුව තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළහොත් විශාල වාසියක් රටවල් දෙකටම ලබාගත හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා.  එහිදී රජයන් අතර පමණක් නොව පෞද්ගලික අංශ අතරත් එකඟතා අති කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම විමසා බැලීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති මෙම සාකච්ඡාවේදී සිදු කෙරුණා.

 

ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ලෙස ඉන්දියන් රුපියල භාවිතා කිරීමට ඇති හැකියාව මෙහිදී සලකා බැලුණු අතර ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ට පහසුවක් සැලසීම එහි අරමුණයි. සිංගප්පුරුව සමඟ ද ඉන්දියාව මේ ආකාරයට කටයුතු කර තිබෙන අතර ඉන් දෙරටම විශාල ප්‍රතිලාභ අත්කරගෙන තිබෙනවා.

 

ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉතා හොද සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ කෙසේද පිළිබද අප පුළුල් ලෙස සාකච්ඡා කළා. මේ වන විටත් ඉන්දියාව සහ පලාලි ගුවන් තොටුපොළ අතර දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේ දී මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ කටයුතු කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවදුරටත් අභ්‍යන්තර ගුවන් සේවා සබඳතා ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අප විමසා බැලුවා.

ind 2
සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව හා එහිදි සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළා. දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා වැඩිදියුණු කර ගැනිමේදී සංචාරක යාත්‍රා (Cruise Tourism) ප්‍රවර්ධනය කිරීමේ හැකියාව නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමා පෙන්වා දුන්නා. එය ඉන්දියානු සංචාරකයන්ගේ ආකර්ශණයට ලක්ව තිබෙන ක්ෂේත්‍රයක් වන අතර ඒ තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ විශාල ප්‍රබෝධයක් ඇති වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.

අද දකුණු ඉන්දියානු කලාපය සීග්‍ර සංවර්ධනයකට ලක්ව තිබෙනවා. තමිල්නාඩු, ආන්ද්‍රා, තෙලගනා යන මෙම ප්‍රදේශවල සිදුව ඇති ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ශ්‍රි ලංකාවට ලබා ගැනීම සඳහා වරායන් අතර සම්බන්ධතා ඇති කර ගැනීමේ වැදගත්කම දෙරටේම නායකයන් හඳුනාගෙන තිබෙනවා. වරායන් අතර මෙම සබඳතා ඇති කරගන්නේ කෙසේද පිළිබඳ විද්වතුන් එක්ව සාකච්ඡා කළයුතුයි. ඒ පිළිබඳ සාකච්ඡා කර කරුණු අධ්‍යයනය කරමින් තීරණයකට පැමිණීම පිළිබඳ මෙහිදි නායකයන් අතර එකගතාවක් ඇති කරගත්තා. එම කරුණු පිළිබඳ සියලු පාර්ශ්ව සමග  දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ පිළිබඳ තීරණයක් ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ දෙපාර්ශ්වයම  සාකච්ඡා කළා.

 

ඒ වගේම 2030 වන විට මෙරට ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉන් පසුව එම ක්ෂේත්‍රයේ අපනයන සඳහා අපට වෙළෙඳපොළක් තිබිය යුතුයි. ඒ තුළින් විශාල මුදලක් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. අපේ සුර්ය  බලය, සුළං බලය අපනයනය සදහා අවශ්‍ය පරිසරය සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳ අපට විශාල අවශ්‍යතාවක් තිබෙන අතර අප ඒ පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ වගේම  එහිදි සාමුහිකව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමකට ද එළැඹුණා. ඒ වගේම නව තාක්ෂණය භාවිතා කරමින් හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා යන අංශයන්හි සහයෝගීතාවට තිබෙන අවස්ථා සොයා බැලීම පිළිබඳව ද අප සාකච්ඡා කළා.

 

මෙරට කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණික දැනුම ලබාගැනීම ඉතාමත් වැදගත් වෙනවා. සත්ව පාලනය, කිරි නිෂ්පාදනය ඇතුළු මෙම ක්ෂේත්‍ර සදහා තාක්ෂණික දැනුම ලබාගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අප මෙහිදී අත්සන් තැබුවා.

ind 4
ඩිජිටල්කරණයේ දී ඉන්දියාව මේ  වන විට විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා ඉන්දියාවේ තාක්ෂණික සහාය ලබා ගැනීම පිළිබඳව ද අප සොයා බැලුවා.

 

එමෙන්ම ඉන්දියාවේ විශ්වවිද්‍යාල සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර සහයෝගිතාව ඉහළ නංවා ගැනීම මෙන්ම ඉන්දියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලංකාවේ ආරම්භ කිරීම සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සොයා බැලීමට ද කටයුතු කළා.

වතු කම්කරුවන්ට සහන නොදුන්නොත් ජිනීවා යන බවට අනතුරු ඇඟවීමක්

ඉන්දීය සම්භවයක් ඇති උඩරට ජීවත්වන වතුකර දෙමළ ප්‍රජාව මෙරටට පැමිණ දන් වසර 200ක් පමණ ගතව තිබෙනවා. ඔවුන්ගේ ප්‍රගතිය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව එකඟතාව පළ කළ අතර ඒ සඳහා ඉන්දිය රුපියල් මිලියන 750ක මුදලක් ආයෝජනය කිරීමට ඉන්දිය රජය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේම නුවරඑළිය ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමේ හැකියාව සහ ඒ පිළිබඳ එකඟතාවක් ඇති කර ගැනීම සම්බන්ධව ද  මෙහිදී සාකච්ඡා කළා.

එසේම ධීවර ප්‍රජාවගේ ගැටලු සම්බන්ධයෙන්  විශේෂ අවධානයක් යොමු වුණා. උතුරේ බොටම් ට්‍රෝලින් ක්‍රමයෙන් මසුන් ඇල්ලීම නැවැත්වීමේ හැකියාව පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කළා. ශ්‍රී ලාංකික ධීවරයන්ට ඉන්දියානු සීමාව පසුකරගෙන  ඉන් ඔබ්බට යාමට අවස්ථා ලබාදෙන ලෙස ද අප ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කළා. දෙපාර්ශ්වය එකතු වී දිගින් දිගටම සාකච්ඡා කිරීම මඟින් මෙම ගැටලු විසදා ගැනීමට හැකිවනු ඇතැයි අප බලාපොරාත්තු වෙනවා.

 

සම්පුර්ණ ඉන්දියානු සාගර කලාපය ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන යන්නේ කෙසේද සහ එහිදී සාමුහිකව ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව,  අන්‍යෝන්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන දේ කිරීමට ඇති කැපවීම සමඟ දෙපාර්ශ්වයම මෙහිදී එකඟත්වයෙන් යුතුව සාකච්ඡා කළා. ''

 

සබැඳි පුවත් :
ජනපතිගේ ඉන්දීය සංචාරය: එළඹුණු ගිවිසුම් ගැන ඔබ දන්නවාද?


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්