කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ 2023 උපසම්පදා මහෝත්සවය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සහභාගිත්වයෙන් පැවැත්විය.



මහාවිහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ 2023 උපසම්පදා විනය කර්මය අග්ගමහා පණ්ඩිත, ආචාර්ය, ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 22 දින කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී පවත්වන්නට යෙදිණි.

මෙහිදී ස්වාමීන් වහන්සේලා 19 දෙනෙකු උපසම්පදා කරන ලදී.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ඔහුගේ බිරිඳ ඇතුළු විශාල ගිහි පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.

PHOTO 2023 07 23 13 00 08PHOTO 2023 07 23 13 00 08 1PHOTO 2023 07 23 13 00 07PHOTO 2023 07 23 13 00 07 1

සබැඳි ලිපියක් :
ඇත්තටම ගෝඨාට මොකද වුණේ ? - හිටපු ජනපති උපදේශක කතා කරයි


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්