මීලග ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සහය ලබා දෙන

අපේක්ෂකයා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ මිනීමරු සංස්කෘතියක් තියෙන පක්ෂයක් බව පැවසූ ඇමතිවරයා, පොහොට්ටුව කවදාවත් මිනීමරා නැති බවත්, අපි රටට වැඩ කරපු පක්ෂයක් බවත් සදහන් කලේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ, වේයන්ගොඩ අනුර බණ්ඩාරනායක රංග ශාලාවේ ඊයේ (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල ආසන බළ මණ්ඩලයට සහභාගී වෙමිනි.


එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.


දැන් අපි නැවතත් ශක්තිමත්..
ඊළග ආණ්ඩුව පිහිටුවන්නෙත් අපි..

“පසුගිය සමයේ රට තුළ ඇති වුනු අරගලය සමග අපි යම් පසුබෑමකට ලක්වුණා. අරගලයත් සමග 69 ලක්ෂයක් ගත්ත අපේ ජනාධිපතිවරයා අස්වුණා. තුනෙන් දෙකක බලයක් තිබුනු අපේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අස්වුනා. අපේ ගෙවල් ගිනි තිබ්බා. අපිට හිරිහැර කලා. නමුත් දැන් අපි ශක්තිමත් වී තිබෙනවා.

අත්තනගල්ල කියන්නේ ශ්‍රිලනිපයට බර ආසනයක්. පංචමහා බලවේග එකතු කරගෙන නිර්මාණය වුනු ශ්‍රීලනිපයට නායකත්නව ලබා දුන්න මහින්ද රාජපක්ෂ මහතා 2015 දි පරාජය වන විට අපි සමග හිටපු පාක්ෂිකයින් වෙනුවෙන් අපි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරා. ගම් මට්ටමින් අපි පාක්ෂිකයින් එකතු කරලා පක්ෂයට ශක්තිමත් අත්තිවාරමක් දැම්මා.

මහින්ද මහත්තයා පරාජය වුණාට පස්සේ අපි හිතුවේ නැ එතුමා ආයේ එයි කියලා. අපි එතුමා වෙනුවෙන් රට පුරා ගියා. මහින්ද සුළග හැදුවා. ඒ සදහා ගම්පහ අපි විශාල ශක්තියක් ලබා දුන්නා. 2018 මැතිවරණය තියන කොට හැමෝම කිවුවා එකතු වෙලා ඉල්ලමු කියලා. මම ප්‍රසිද්ධියේ කිව්වේ අපි තනියම ඉල්ලමු කියලයි.  පස්සේ හැමෝම තීරණය කරලා අපි තනියම ඉල්ලුවා. ඒ වගේම අපි ජයග්‍රහණය කරා. ජනාධිපතිවරණය වෙලේ අපි ලක්ෂ 3 ½ කින් ගම්පහ දිනුවා. මහ මැතිවරණය වෙලේ මං කිවුවේ අපි මන්ත්‍රී ආසන 13ක් ගන්නවා කියලා. ඒ වගේම අපි ආසන 13 ක්ම දිනුවා.



'' මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කවදාවත්ම දොස් කියන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ යුද්ධයෙන් රට බේරා ගෙන රටට විශාල ශක්තියක් ලබා දුන්නා වගේම, කොවිඩ් වසංගතයෙන් රටත් අපේ ජනතාවත් බේරා ගත්තේ ගෝඨාභය හිටපු ජනාධිපතිතුමා. ලෝක ආර්ථිකය, ස්වභාවික විපත්, කොරෝනා වසංගතය වැනි හේතු සමග අපේ රටේ ආර්ථිකයත් කඩාගෙන වැටුණා. ''



මගේ ගෙදර ගිනි තියන්න ආපු අයගෙන් 6 දෙනෙක් අද පරලොව...

ජේවිපි එක කියන්නේ මිනීමරු සංස්කෘතියක් තියෙන පක්ෂයක්. මිනිස්සු මරන පක්ෂයක්. අරගලය වෙලේ වැඩිපුරම ගෙවල් ගිනි තියලා හානියක් කලේ ගම්පහට. එකෙනුත් වැඩිම හානිය කලේ මිනුවන්ගොඩට. අපේ ගෙවල් 13 ක් ගිනි තිබ්බා. පොහොට්ටුවේ බලය බිදින්නයි අපිට ගැහුවේ. අපි මීට වඩා අමාරු කාලවලට මුහුණ දුන්නා. මේවා අපිට අභියෝග නෙමෙයි. අරගලයේ අයට ගහන එක වැඩක් නෙමෙයි අපිට. නමුත් අපි ඒ අයට ගහන්න යන්නේ නැහැ. මගේ ගෙදර ගිනි තියන්න ආපු අයගෙන් 6 දෙනෙක් අද වන විට මිය ගිහින්. ඒ අයට සොබාදහම දඩුවම් දෙනවා. අපි මිනී මරන පක්ෂයක් නෙමෙයි. අපි රටට වැඩක් කරපු පක්ෂයක්. අපි ඉදිරි කාලය තුළ ගමට ගිහින් අපේ පක්ෂය සහ අපේ පාක්ෂිකයින් තව තවත් ශක්තිමත් කරනවා.



අපේ පාක්ෂිකයින්ට මින් ඉදිරියට කරදර හිරිහැර කරන අයට ඒවට පොලියත් එක්කම වන්දි ගෙවන්න වෙයි කියලා මං පැහැදිලිව කියනවා. මේක තර්ජනයක් විදිහට ගන්නත් පුළුවන්. අවවාදයක් විදිහට ගන්නත් පුළුවන්. අද ජේවිපි රැල්ලක් නැහැ. අපි කාටවත් ඕනි විදිහට නටන්න සුදානම් නැහැ.



ලබන වසරේ අපි මැතිවරණයකට මුහුණ දෙනවා. සැප්තැම්බර් වන විට අපේ ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා. රට ශක්තිමත් වුණාම අපි ඡන්දය ලබා දෙනවා. අපේ නායකයෝ යුද්ධයෙන් රට බේරා ගත්තා. කොවිඩ්වලින් රට බේරා ගත්තා. එහෙම පක්ෂයක් අපි. ඒ වගේම මං කියනවා, ඊලග මැතිවරණයේදී පොහොට්ටුව සමග එක්ව තරග කරන කෙනා තමයි ජනාධිපති වෙන්නේ. ඒ වගේම ඊළග ආණ්ඩුව පිහිටුවන්නෙත් අපි. ඔබේ සහයත් සමග අපි ඒක අනිවාර්යෙන්ම සිදු කරනවා.”යනුවෙන් පැවසීය.



ජේවිපි එක කරන්නේ කටින් බතල හිටුවන එක පමණයි -ඇමති පවිත්‍රා 

PW


රැස්වීම ඇමතු වනජීවි සහ වනසම්පත් ඇමති පවිත්‍රා වන්නිආරච්චි මෙසේ සඳහන් කළාය.

“බලවේගයක් ලෙස අපි ඉතිහාසය තුළ නිවැරදි තීන්දු ගත්ත බලවේගයක්. අපි රටට ආදරය කරන බලවේගයක්. මේ බලවේගය මුලින්ම බිහි කලේ බණ්ඩාරනායක මැතිතුමා. ඊට පස්සේ මේ බලවේගයට විවිධ නායකයෝ ආවා. විවිධ නම් දැම්මා. කුමන නායකයෝ ආවත්, කුමන නම් දැම්මත් එදා ඉදන් අද දක්වාම අඛණ්ඩව රට තුළ රැදී ඉන්න බලවේගයක් මේක.

මේ බලවේගයෙන් බිහිවුනු මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය අනුවයි රටේ යුද්ධය අවසන් කලේ. එතුමා රට සංවර්ධනය කලෙත් මේ බලවේගය නිසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කරන්න තීන්දු කලෙත් මේ බලවේගයයි. කාබනික පොහොර වැනි එතුමා ගත්ත ඇතැම් තීන්දු නිසා ප්‍රශ්න මතු වුණා. රට තුළ අරගලයක් ඇතිවුණු නිසා එතුමා අයින් වුනා. ඊට පසසේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න අපි නිවැරදි තීන්දුවක් ගත්තා.



පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා වගේම ඩලස් අලහප්පෙරුම මහතාත් ඉදිරිපත් වුණා. අපි කල්පනා කරලා බැලුවා කාටද ඡන්දය දෙන්නේ කියලා. ඒ වෙද්දි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්න තිබුණා. අරගල තිබුණා. රටේ තවත් ප්‍රශ්න තිබුණා. මේ ගැන බලලා අපි රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන්න තීන්දු කලා. ඔහු සමග අපිට දේශපාලනික වශයෙන් විශාල කෝන්තර තිබුණා. නමුත් එතුමාට තිබෙන ජාත්‍යන්තර සබදතා මත රටේ ආර්ථිකය ශක්තිමත් කරලා රට ගොඩ ගනිවි කියන විශ්වාසය මතයි අපි එතුමට සහය දුන්නේ.  


රටේ තරුණ පරපුරට ලනු ගිල්ලවන්න ජේවිපි එක උත්සහ කරමින් සිටිනවා. තරුණ පිරිස තීන්දු ගන්නේ ෆේස්බුක් එක බලලා. සමාජය ගැන වැඩිහිටි ඔබට තියෙන දැනුම ඔවුන්ට නැහැ. ජේවිපි එක කියනවා කියුබාව වගේ ආණ්ඩුවක් හදනවලු. ඇමරිකාව වගේ ජීවිතයක් දෙනවලු. තරුණ පිරිස අතරින් සමහරු මේ ලණු ගිලිනවා. ඔබට වගකීමක් තිබෙනවා ඔවුන්ට මේ ගැන දැනුවත් කරලා දෙන්න.

2015 දි අපි පැරදුනු වෙලේ අපේ බලවේගයේ බහුතරය අපිත් සමග හිටියා. එන්.ජි.ඕ. වලින් නඩත්තු වෙන සමහර පිරිසක් බොරු මත ප්‍රචාරය කරා. යුද්ධය කරන එක වැරදියි කිවුවා. ණය ගන්න එක වැරදියි කිවුවා. බහුතර ජනතාවගේ මතය යටපත් කරලා සල්ලි පොම්ම කරලා එන්.ජි.ඕ. මතවාදය රට තුළ ප්‍රචාරය කරා. අදටත් ඒක සිදු වෙනවා.

ජේවිපි එක අද ඉතිහාසය ගැන කතා කරනවා. ඔවුන් රටට මොනවද කලේ. 88-89 දි ශ්‍රිලනිපයේ නායකයෝ හොය හොය මැරුවා. වමේ නායකයෝ මැරුවා. විජය මැරුවා. යු.ඇන්.පි. නායකයෝ මැරුවා. ජේවිපි එකට වසර 50 ක් පමණ වෙනවා. මොනවද රටට කරලා තියෙන්නේ. බස් ගිනි තියලා, දේපළ විනාශ කරලා, මිනී මරලා රටම විනාශ කරපු එක විතරයි ඔවුන් කලේ.

ජේවිපි එකේ මන්ත්‍රීවරු අපිත් එක්ක චන්ද්‍රකා මහත්මියගේ ආණ්ඩුවේ කැබිනට් එකේ හිටියා. මොනවද කලේ?  වැව් 1000 ක් හදනවා කියලා විශාල මුදලක් නාස්ති කලා. දකුණේ ජනතාව තිස්සමහාරාම ප්‍රාදේශීය සභවේ බලය ඔවුන්ට දුන්නා. වැඩක් කරාද? ඒ නිසා ඊළග පාර ජනතාව ඔවුන්ට බලය දුන්නේ නැහැ. ජේවිපි එක කරන්නේ කටින් බතල හිටුවන එක පමණයි.

අරගලකරුවෝ මොනවද කරේ? පාර්ලිමේන්තුවේ අපිත් සමග හිටපු සහෝදර අමරකීර්ති මහතාට ගහලා ගහලා නිරුවත් කරලා මහපාරේ මරා දැම්මා. අපේ ගෙවල් ගිනි තිබ්බා. ප්‍රසන්න ඇමතිතුමාගේ ගෙදරත් ගිනි තිබ්බා. තවත් බොහෝ අයගේ ගෙවල් ගිනි තිබ්බා. අපේ පාක්ෂිකයින්ටත් ගොඩක් හිරිහැර සිදු කලා. 


කොවිඩ් නිසා යුරෝපයේ බොහෝ ජනතාව මිය ගියා. වැඩිහිටියෝ පොඩි ළමයි ඔක්සිජන් නැතුව මැරුණා. මිනී භූමදානය කරන්න ඉඩ තිබ්බේ නැහැ. ඒ තරමට මිනිස්සු මැරුණා. නමුත් අපි එහෙම වෙන්න දුන්නේ නැහැ. අපේ බලවේගය රටත් ජනතාවත් ආරක්ෂා කරා.  මං දන්නවා ගම්පහ ආදරනීය ඔබ ප්‍රසන්න ඇමතිතුමා සමග එකතු වෙලා මේ බලවේගය යටපත් කරන්න කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ.


'' ඒ වගේම මං කියනවා, ඊලග මැතිවරණයේදී අපේ පක්ෂයේ සහය නැතුව කාටවත් ආණ්ඩුවක් හදන්න බැහැ. ඒ වගේම කාටවත් ජනාධිපති වෙන්නත් බැහැ. විවිධ කරදර හිරිහැර අපහාස අවලාද මැද ඔබ අපි සමග මෙහෙම ඉන්න එක ගැන මම සතුටු වෙනවා.”
 

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සහන් ප්‍රදප්, කෝකිලා හර්ෂණී ගුණවර්ධන සහ පළාත් සභා හා පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.

{gallery}SLPP - Attanagalla{/gallery}
 

 
 
 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්