අනුර යාපලගේ - ලන්සලගේ දේශපාලන කාර්යාලය ගිය සතියේ බ්‍රහස්පතින්දා විවෘත කළා.

කාර්ලයේ විවෘත කලේ JVP මන්ත්‍රී කෙනෙක් විදියට හිටපු සිරිපාල අමරසිංහ යි, සුගීශ්වර බණ්ඩාරයි දෙන්නා.

 සිරිපාල අමරසිංහ කියන්නේ  බැසිල්ගේ මැතිවරණ යාන්ත්‍රනය බාරව හිටපු ප්‍රධානියා. සුගීශ්වර බණ්ඩාර කියන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පෞද්ගලික ලේකම්.  දැනටත් ගෝඨා ගේ පෞද්ගලික ලේකම් විදියට, උදේ ඉඳල රැ  වෙනතුරු පන්සල් ගානේ, ගෝඨා හිතවතුන්ගේ ගෙවල් අස්සේ දුව ඇවිදිනවා.

අපි මිට ඉස්සෙල්ල කියපු විදියටම ලන්සල ගත්තේ , ලිබරල් පක්ෂය පවත්වාගෙන ගිය රාජගිරියේ ලේක් ඩ්‍රයිව් පාරේ තියන දැවැන්ත ගෙදර. ආරංචි විදියට වර්ග අඩි 7000ක විතර ගෙයක්. මේ කාර්යාලේ විවෘත කරන එකට කිසිම මන්ත්‍රී කෙනෙක් ගෙන්නලා නෑ  . එක හිතාමත ගත්තු තීන්දුවක් ලු. ඒ වුනාට එදා හවස් වෙනකොට ලන්සලා, අනුරයාපල, සුදර්ශනිලා ඇවිත් ගියා ලු.

එදා උදේ කාර්යාලේ විවෘත කිරීමේ අවස්ථාවට කැඳවලා තියන්නේ ලංකාවේ සැම දිස්ත්‍රීක්කයකම ඉන්න අභ්‍යන්තර සංවිධායකයින්ව. 100කට වැඩිය එදා උදේ ඇවිත් හිටිය ලු. ඒ ආපු කට්ටියට මොරාල් එක දෙන්න සුගීශ්වර ලොකු කතාවක් කරලා. ඉස්සරහට කරන්න යන වැඩේ පැහැදිලි කරලා තියන්නේ අමරේ.

වැඩේ කියන්නේ එදාම හවස නෙලුම් මාවතේ පොහොට්ටු කාර්යාලේ තිබුන රැස්වීමකදී සරණ ගුණවර්ධනයි, ඉන්දික අනුරුද්ධයි දෙන්න ඔය කාර්යාලේ දාපු එක ගැන ලන්සව පතුරු ගහලා.

ඔන්න ඒ අස්සේ, ඊයේ, ඒ කියන්නේ ජුලි 21 උදේ නිපුන රණවක  මන්ත්‍රීතුමා හිටපු ජනාධිපති ගෝඨාභය හම්බවෙන්න ගිහින්. නිපුන කියන්නේ ගෝඨාභයගේ සහෝදරියකගේ පුතා.

ඩලස් ට, කන්චනට ගේමක් දීලා , පහුගිය මහ මැතිවරණේ දී නිපුන ව මාතරින් අංක එකට ගෙනාවේ, සිරිපාල අමරසිංහ. සුගිශ්වරත් ඒ වැඩේට බැහැලාම උදව් කරපු කෙනෙක්.

කොහොම වුනත් ඊයේ නිපුන හිටියේ හිත හොඳකින්  නෙමෙයි ලු.. '' මොකද මාමී  මේ වෙන්නේ. මාමිගේ ප්‍රයිවෙට් සේකට්‍ර්යි සුගීශ්වර අයියා, අපිට විරුද්ධව එළිපිටම වැඩට බැහැලා . නාමල් අයියා  ඉන්නේ ලොකු හිතේ අමාරුවක. '' ඒ විදියට දුක කියාගෙන කියාගෙන ගියා ලු.

කොහොම වුනත් ගෝඨා මාමා ඒ ගැන කෙලින් උත්තරයක් දීලා  නෑ  කියලයි ආරංචි.

බලය රාශිගත වෙලා තිබුණු බල කේන්ද්‍ර දෙදරුවට පස්සේ ඔහොම තමයි. එක එක කෑලි එක එක විදිහට වැඩ කරන්න ගන්නවා. සමහරු හිටියට වඩා ප්‍රබල වෙනවා. තවත් සමහරු දුර්වල වෙනවා. සමහරු උඩ එනවා. සමහරු යට යනවා. කොහොමටත් බලය තිබුණු වකවානුව සහ බලය අහිමි වකවානුව එක වගේ නෑ. මේ වෙනසට මුහුණදීමට  ලංකාවේ කොයි දේශපාලන පවුලටත් වඩා රාජපක්ෂ පවුලට අභියෝගයක් වෙලා තියෙනවා.

ඔය වගේම තවත් දේශපාලන ඕපාදුප කීපයක රසවිඳින්න පහත වීඩියෝව බලන්න

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්