සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට වාරණයක් පනවමින්

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව කටයුතු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයක් පිහිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.

එම සංධානය පිහිටුවීමට සෞඛ්‍ය වෘත්තිය සමිති කොළඹදී හෙට (24) පෙරවරුවේ රැස්වන බවත්, සෞඛ්‍ය ලේකම්ගේ චක්‍රලේඛනයට එරෙහිව හෙට සියළු වෘත්තීය සමිති කොළඹට කැඳවනව බවත් එම සමිති වැඩි දුරටත් සඳහන් කරයි.


කට වසා තබනු! - සෞඛ්‍ය සේවකයින්ට අනතුරු ඇඟවීමක්!


දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කරන සියලුම නිලධාරීන්ට එරෙහිව විනායානුකූල ක්‍රියාමාර්ග දියත් කරන බව දැනුම්දෙමින් සෞඛ්‍ය ලේකම් එස්.ජනක චන්ද්‍රගුප්ත ජුලි 20 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

health workers letter

එම චක්‍රලේඛය වෘත්තීය සමිති අයිතිවාසිකම් මර්ධනය කිරීමක් මෙන්ම, රෝගීන්ගේ සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සීමා කිරීමක් බව සඳහන් කරමින් පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇත.



ආයතන සංග්‍රහයේ ඇතැම් පරිච්ඡේද සහ නඩු තීන්දු උපුටා දක්වමින් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ඇති භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස සීමා කිරීමේ අදහසින් උක්ත චක්‍රලේඛය නිකුත් කර ඇති බවත් විශේෂයෙන්ම වර්තමාන සෞඛ්‍ය සේවාව තුල හෙලිදරව් වෙමින් පවතින දූෂණ, වංචා ඇතුළු අනෙකුත් අකටයුතුකම් සමාජයට නිරාවරණය වීම. වැලැක්වීම සඳහා එම චක්‍රලේඛය හරහා උත්සහ ගෙන ඇති බවක් පෙනෙන්නට ඇතැයි පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලය සිය ලිපිය මගින් කියා සිටියි.



එසේම එම චක්‍රලේඛය මඟින් ආයතන සංග්‍රහයට සහ ඇතැම් නඩු තීන්දු වලට අදාලව සාමාන්‍ය රාජ්‍ය සේවකයන් ලෙස අදාල කරගත යුතු නීතිමය තත්වයන් උධෘත කර තිබුනද වෘත්තීය සමිතියක හෝ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයක නිළධාරීන් සඳහා එකී ආයතන සංග්‍රහයේම පවතින විධිවිධාන සහ වෘත්තීය සමිති අඥාපනත, වෘත්තීයවේදීන්ගේ සංගම් ලියාපදිංචි කිරීමේ පනත සහ රාජ්‍ය සේවකයන් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලද නඩු තින්දු කිසිවක් පිළිබඳව එහි සඳහන් කර නොමැති බව පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලය පවසයි.

 එබැවින් මෙම චක්‍රලේඛය හිතාමතාම වෘත්තීය සමිති මර්ධනය කිරීම සඳහා අනියමින් යොදා ගැනීමට සැලසුම් සහගතව නිකුත් කරන ලද්දක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත්, එබැවින් තම වෘතිය සමිතිය එය තරයේ ප්‍රතික්ෂේප කරන අතර ආයතන මට්ටමින් එම චක්‍රලේඛය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරුවහොත් ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදු වන බවත් දැනුම්දී සිටියි.

කෙසේ නමුත් මෙම චක්‍රලේඛයට අදාලව වෘත්තීය සමිති හා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගම් වල නියෝජිතයන් සඳහා මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සඳහා වන විධි විධානයන් නිශ්චිතව පැහැදිලි කර නොමැති බැවින් ඒ පිළිබඳව කඩිනමින් පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙසත් එතෙක් එම චක්‍රලේඛය බලරහිත කරන ලෙසත් පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.

POSM

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්