රජයේ අනුමත ණය සිමාව රුපියල් බිලියන 8,000කින් ඉහළ නැංවීමේ සූදානමක් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

රජය අයවැයෙන් අනුමත කළ ණය සීමාවට වඩා කිහිප ගුණයකින් එලෙස ණය සිමාව ඉහළ දැමීමේ අරමුණු මොනවාද යන්න අපහැදිලි බව මහාචාර්ය වසන්ත අතුකෝරළ 'නෙත් නිවුස්' වෙත කියා සිටියේය.



එලෙස විශාල ප්‍රමාණයකින් රජයේ ණය සීමාව ඉහළ දැමීම හේතුවෙන් කෙටි කාලයක් තුළ රටේ ණය බර දෙගුණ වීමේ හැකියාවක් පවතින බවද මහාචාර්ය වසන්ත අතුකෝරළ මෙහිදී පැවසිය.



එලෙස ණය සිමාව ඉහළ දැමීමෙන් පසු එම ණය කුමන අයුරින් ආර්ථික තුළ උපයෝජනය කරන්නේද යන්න පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ වැඩිදුරටත් සඳහන් කළේය.



ණය සියයට 285කින් හා වියදම සියයට 325කින් වැඩිවේ !



මේ අතර 'අනිද්දා' ජාතික විකල්ප පුවත්පත පසුගිය ඉරිදා (23) සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර ඇත්තේ, '' ආණ්ඩුවේ ණය ගැනීම හා වියදම බිලියන 9000 බැගින් වැඩි කරයි'' කියාය. ''ණය සියයට 285කින් හා වියදම සියයට 325කින් වැඩිවේ '' කියාද එම පුවතේ සඳහන්වේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් සම්පාදිත එම පුවත්පත් වාර්තාවේ මෙසේ සඳහන් වේ.


 මෙම වසර සඳහා අයවැයෙන් අනුමත කරන්න ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 9000 කින් වැඩිකර ගැනීම සඳහා හා වියදම් කිරීමේ සීමාව රුපියල් බිලියන 9000කින් වැඩි කර ගැනීම සඳහා ආණ්ඩුව විසර්ජන පනතට සංශෝධනයක් ඉදිරිපත් කර තිබේ. ජුලි 20 වන දින පාර්ලිමේන්තුව න්‍යායපත්‍රයට එම සංශෝධන යෝජනා ඇතුළත් කර ඇති අතර ඒ අනුව 2023 වර්ෂය සඳහා අයවැය මගින් මුදල් අනුමත කරන ලද 2022 අංක 43 දරණ විසර්ජන පනතේ ණය ගැනීමේ සීමාවට අදාළ වගන්තිය හා සේවා වියදමට අදාළ වගන්තිය සංශෝධනය ලක් කිරීමට නියමිතය.


2023 වර්ෂය සඳහා ණය ගැනීමේ සීමාව වශයෙන් පාර්ලිමේන්තුව විසර්ජන පනත මගින් අනුමත කර ඇත්තේ බිලියන හාරදාස් නමසිය හැත්තෑ නවයක් (4979) වන අතර සංශෝධනය මගින් එම එය රුපියල් බිලියන 13 979 දක්වා වැඩි කිරීමට නියමිතය. ඒ අනුව ණයගැනීම තුන් ගුණයකට ආසන්න අගයකින් හෙවත් සියයට 280 කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කිරීමට නියමිතය.

 එමෙන්ම 2023 සේවා වියදම් ලෙස පාර්ලිමේන්තු විසර්ජන පනත මගින් අනුමත කර ඇත්තේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 4222ක් වන අතර එය ආසන්න වශයෙන් රුපියල් බිලියන 13,222 ක් දක්වා වැඩි කිරීමට නියමිතය. ඒ අනුව සේවා වියදම තුනකට වඩා වැඩි අගයකින් හෙවත් සියයට 325කින් වැඩි වීමට නියමිතය.


  ආණ්ඩුව මෙසේ ණය ගැනීමේ සීමාව හා සේවා වියදම් වැඩි කිරීමට යන්නේ 2023 අයවැය මගින් පළාත් පාලන මැතිවරණ සඳහා වෙන්කරන මුදල් පවා අත්‍යාවශ්‍ය නොවන වියදම් ලෙස සලකා බලා නොදෙමින් කියන තත්ත්වයක් තුළය.


ණය සීමාව හා සේවා වියදම් වැඩි කරගැනීම සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසූයේ, අප රටේ ණය සම්බන්ධයෙන් ඇති ප්‍රධාන ප්‍රශ්නය වැඩි පොලියට ණය ගැනීම බවත්, එම ණය ගෙවීම් සඳහා ඊට වඩා වැඩි පොලියකට ණය ගැනීමට සිදුවන බවත්, ඒ නිසා ණය ගැනීමේ සීමාව මේ ආකාරයට වැඩි කරන බවත්ය.''

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්