රටටම හෙණගහන ආර්ථික අපරාධයක් සිදුවෙමින් පවතින බව

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පවසයි.

'' විසර්ජන පනතෙන් අවසර දුන්නේ බිලියන 4979ක ණය ගන්න විතරයි. ආණ්ඩුව ඒ ණය බිලියන 13900 දක්වා වැඩි කරන්න අවසර ඉල්ලලා. ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක් තවත් ණය ගන්න යනවා. දැනට ණය ඩොලර් බිලියන 83යි. ඊළඟ මාස 6ට තව ඩොලර් බිලියන 30ක් ණය ගන්නේ මොකටද? බිලියන 10ක් ඡන්දෙට නොදී බිලියන 9000කින් වියදම් වැඩි කරන්න යන්නේ ඇයි?  '' මන්ත්‍රීවරයා එසේ ප්‍රශ්න කළේ ද (24) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේ අදහස් දැක්විය.



ණය අරන් කෙළවෙච්ච රටට වෙන්න යන දේ ...

2023 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත් මගින් ලංකාවේ අණ්ඩුවට පාර්ලිමේන්තුව විසින් බලය දි තිබෙන්නෙ බිලියන හරදාස් නවසිය හැත්ත නවයක ණය සිමාවක් සඳහා. මේ වනවිට (ජුනි මස 20)  වන දින එ සදහා සංශෝධනයක් ඉදිරිපත් කර තිබේනවා. එම ණය සිමාව බිලියන හරදාස් නවසිය හැත්ත නවයේ සිට බිලියන දහතුන්දාස් නවසිය හැත්ත නවය දක්වා වැඩි කරන්න.

 මේ අනුව තව බිලියන නවදාහක් මේ වසරේ ණය ගන්නයි හදන්නේ. ඩෝලර් වලින් බැලුවොත් දළ වශයෙන් ඩෝලර් මිලියන 30 ණය ගන්න. මේවන විට තිබෙන සමස්ත දේශිය හා විදේශිය ණය ප්‍රමාණය ඩෝලර් බිලියන අසුතුනක්. ඊළග මාසය සඳහා ඩෝලර් මිලියන 30 ණය ගන්න හදන්නේ මොකටද කියලා පැහැදිලි නැ.

පසුගිය විසර්ජන පනතේ රජයේ වියදම් දක්වලා තිබුනේ බිලියන හරදාස් දෙසිය විසි දෙකක් වශයෙන්. එකත් මෙම ණය ගැනිම වැඩි කිරිමත් සමඟ බිලියන දහතුන්දාස් දෙසිය විසි දෙකක් දක්වා වැඩිකරන්න යනවා. දල වශයෙන් සියයට තුන්සිය විසිදෙකකින් (322%) වැඩිකරන්න යනවා. අපි දන්නේ නැ මේ මොනවට ද කියලා. පාරවල් හදන්නද, මිනිස්සුන්ට කන්න දෙන්නද, ඉස්කොලේ යන්නේ නැති ළමන්ට එ අවස්තාව අරන් දෙන්නද ?


ඇත්ත වශයෙන් 322% කින් ආණ්ඩුවේ  වියදම් වැඩි කරන්න යන්නේ, ගිය අයවැයෙන් පළාත්පාලන ඡන්දයට වෙන්කරන ලද මුදල පවා ලබා නොදෙමින්. අණ්ඩුවට සල්ලි නැ කියලා පළාත්පාලන මැතිවරණයක් පවා ලබා නොදුන් තත්වයක් තුළ බිලියන 9000 ක් අණ්ඩුවට වියදම් වැඩි කරන්න යනවා. බිලියන 10 යි  පළාත් පාලන මැතිවරණයට ඉල්ලුවේ. එම බිලියන 10  නැ. නමුත් වියදම බිලියන 9000 කින් වැඩිකරන්න යනවා..



ආණ්ඩුව මේ මොනවද කරන්න යන්නේ කියලා පැහැදිලි නැ.. පාර්ලිමේන්තුවට නම් මුල්‍ය බලය තිබෙන්නේ, මෙම වියදම් මොනවාද මෙතරම්  අධිකව ණය සිමා වැඩි කරන්නේ මොකටද කියලා අණ්ඩුවේ හෙළිදරවුවක් නැ. මෙය හෙන ගහන අපරාධයක්.

අනිත්පැත්තෙන් ජනාධිපති ලේකම්තුමා මැතිවරන කොමසාරිස් සමඟ සාකච්ජා පවත්වනවා, ඉදිරියට ඒමට නියමිත ජනාධිපතිවරනයට මුදල් වෙන්කරගන්න. නමුත් පළාත් පාලන මැතිවරනයට මුදල් ලබා දුන්නේ නැ..

ජනපති, ජනපතිවරණයට වියදම් සොයයි

බිලියන 9000 ණය ප්‍රමාණය වැඩි කරනවා කියන්නේ මේ රට අනාතවෙන්න යන්නේ. ආර්ථික අර්බුදය ක්‍රමානුකුලව ණය අරගෙන අරගෙන මුදල් මුද්‍රණය හරහා ණය ගෙවිමට බැරිවිම නිසා තමයි අරගලයක්, රටේ ආර්ථික අර්බුදයක් ආවේ. රට ප්‍රපාතයට වැටුනේ .

ප්‍රජාතන්ත්‍රවාදයට අනුව නියෝජන මන්ත්‍රී මණ්ඩලය ඉන්නේ පාර්ලිමේන්තුවේ. එතකොට පාර්ලිමේන්තුවට නොදන්වා මුදල් ගන්නේ ඇයි ? එවා ගෙවන්නේ කොහොමද කියලා කියන්නේ නැ.. මේක රට  විකිණිමක්. ජනාධිපති ඉන්දියාවට ගිහින් අදානි හම්බුනා.. අපි දන්නෙ නැ මොනවා විකුණන්නද යන්නේ කියලා...



කුමන්ත්‍රණයකින් ටෙලිකොම් සභාපති ඉවත්කරනවා.. ඒ  රජය සතු කොටස් විකිණිමට එතුමා විරුද්දයි කියලා. ඇත්තෙන්ම ටෙලිකොම් එකෙන් කොටස් මේ වන විට විකුණලා තියෙන්නේ. සමස්ත රටේම ජාතික ආරක්ෂාව පිළිබද සංවේදි තොරතුරු තිබෙන්නේ ටෙලිකොම් එකේ. මේක විකුනන්න අකමැති සභාපතිව ඉවත් කරනවා. බිලියන 9000 ණය වැඩිකරන්න යනවා. රට රටවල් වලට රාජ්‍ය දේපළ විකුණමින් යනවා.  



IMF එකත් එක්ක ගිවිසුමකට යනවා කියලා කලින් කිවුවේ නැ.  මේ ණය ගන්නේ ඇයි කියලා පාර්ලිමේන්තුව තාමදන්නේ නැ. හැබැයි සංශෝධන න්‍යාය පත්‍රයට  දලාතියෙන්නේ . දැන් නායකයින් ව්‍යාපරිකයන් ලඟට ගිහින් විකුණලා එන්නේ. පොහොට්ටු පිරිස මෙවට සහයෝගය දෙනවා. මේ දුෂණ වලට ඔවුන් වගකිව යුතුයි. දේශීය සම්පත් ආරක්ෂා කරන්නම් කියලා ඇවිත් විනාශ කරන්න අත උස්සනවා. මොවුන්ගේ එකම අරමුණ ඉලඟ මැතිවරණය.. ජනාධිපතිතුමා තේරුම් ගන්න ඕන ධුරය තුල වැඩකරන්න ඕන ධුරය නැති වුනාට පස්සේ සිද්දවෙන්නේ මොකක්ද කියලා තේරුම් ගෙන කියලා..



සබැඳි පුවත් :
රජයේ ණය සීමාව රු.බිලියන 8,000කින් වැඩි කිරීමේ සූදානමක් !

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්