කැපිටල් මහාරාජා සමූහයේ හිටපු සභාපති 'කිලී' රාජමහේන්ද්‍රන් හෙවත් රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන්
මහතා අභාවප්‍රාප්ත වී අද (25) දිනට වසර දෙකක් සපිරෙයි.
අභාවප්‍රාප්ත හිටපු සභාපතිතුමන් සිහි කරමින් අද සහ ඊයේ ආගමික වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබිණ.
අද දහවල් කොළඹ, බ්‍රේබෲක් පෙදෙසේ මූලස්ථාන පරිශ්‍රයේදී දානමය පුණ්‍යකර්මයක් පැවැත්වුණු අතර ඒ සඳහා මහා සංඝරත්නය වැඩම කරනු ලැබුවේ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිටයි.
කැපිටල් මහරාජා සමූහයේ උසස් නිලධාරීහු සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
හිටපු සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා සිදු කළ මෙහෙවර සිහිපත් කරමින් මහා සංඝරත්නය එහිදී පුණ්‍යානුමෝදනා සිදු කළහ.
මේ අතර හිටපු සභාපතිතුමන් සිහිකරමින් මිහින්තලයේදී ද තවත් ගුණානුස්මරණ වැඩසටහනක් පැවැත්විණ.
ව්‍යාපාර ලෝකයේ ක්‍රියාකාරීත්වය
1943 වසරේ මැයි 19 වනදා උපත ලැබූ රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් හින්දු බැතිමතෙකි.
වයස අවුරුදු 21 දී ආර් රාජමහේන්ද්‍රන් සිය සහෝදරයා සමග එක්ව ව්‍යාපාරයේ පාලනය සියතට ගත්තේ පියාගේ අභාවයෙත් පසුවය.
එතැන් සිට ඔහු ලෝක ගෞරවයට පාත්‍රවූ, ක්ෂේත්‍ර ගණනාවක විප්ලවීය වෙනස්කම් කළ පරිපූර්ණ, දැවැන්ත ව්‍යාපාර සමූහයක් වන කැපිටල් මහාරාජා සමූහ ව්‍යාපාරය ගොඩ නැගීමට සමත්වූ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද ප්‍රථම ආයෝජන ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූයේද ඔහුය.
එවැනි දැවැන්ත ආයෝජන ගණනාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා රටේ ආර්ථිකයට විශාල පිටිවහලක් ලබාදීමට ඔහු දායක විය.
සිරස මාධ්‍ය ජාලය
ඔහු යටතේ පැවති මාධ්‍ය ආයතන, පවතින රජයන් හි දූෂණ අක්‍රමිකතා නොබියව හෙළි කිරීම හේතුවෙන් ඇතැමුන් ඔහුගේ මාධ්‍ය භාවිතය දැඩි විවෙව්නයට ලක් කළ අතර, ඇතැම් අවස්ථාවල එම මාධ්‍ය ආයතන විවිධ ප්‍රහාරයන්ටද ගොදුරුවිය.
MTV/MBC මාධ්‍ය ජාලය ඔස්සේ ඔහු ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් නව සංස්කෘතිය ඇතැමුන්ගේ විවේචනයට මෙන්ම ඇතැමුන්ගේ ප්‍රසංසාවට ලක්ව තිබිණ.
ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය
1982 දී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් වරම් දිනා දීම සඳහා ආර් රාජමහේන්ද්‍රන් සුවිසල් කාර්යභාරයක් ඉටු කළේය.
එවක ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ) උප සභාපතිවරයාය.