හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ ලබා ගැනීමේදී සාමාන්‍ය ක්‍රමවේදය යටතේ

ඖෂධ මිලදී ගන්නවාට වඩා තුන්ගුණයක පමණ වියදමක් දරා අනුකාරක ඖෂධ (Duplicate) පවා මේ වනවිට මිලදී ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියි.

 මේ හේතුවෙන් ගිය වසරේ කෝටි සිය ගණනක පමණ පාඩුවක් රජයට දරන්නට සිදු වී ඇති බව ඔහු පවසයි.

මේ වසරේ තවත් හදිසි මිලදී ගැනීම් 630 කට අනුමැතිය ලබා දී ඇති අතර මේ වනවිට එලෙස ගෙන්වූ ඖෂධවලින් 67ක් තාවකාලිකව නවතා හෝ තහනමටද ලක්කර හමාරය.

ඒ අනුව මේ වසරේදී රජයට ගිය වසරටත් වඩා විශාල පාඩුවක් දැරීමට සිදුවිය හැකි බව වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

 මෙලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබෙන අරමුදල් මේ ආකාරයට මුදල් විනාශ වීම වැළකීමට නම් ඖෂධ නියාමන පනතේ විධිවිධාන නිසි පරිදි බලගැන්විය යුතුව ඇති බවද ඔහු අවධාරණය කරයි.  

(deshaya.lk)

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්