මේ වනවිට මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇතැයි
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනාවරණය කරයි.
මෙයට අමතරව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වක්‍ර රැකියාවල නිරතවූ තවත් විශාල පිරිසකටද ජීවනෝපාය අහිමි ඇතැයිද එම කාරක සභාව අනාවරණය කරගෙන තිබේ.
මෙම පිරිසට සහන සැලසීම සඳහා ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කළ යුතුයැයිද එම කාරක සභාව නිර්දේශ කර ඇත.
මාර්ග ඉදිකිරීම්, නිවාස ඉදිකිරීම්වල යෙදුණු පුද්ගලයන්ට අමතරව එම ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන පුද්ගලයන්ටද සිය ජීවිකාව අහිමි වී ඇතැයිද එම පාර්ලිමේන්තු කාරක සභාව අනාවරණය කරයි.
මේ අතර මාර්ග හා ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකළ දැවැන්ත සමාගම් සිය සේවකයින් ඉවත් කිරීමට අමතරව ඔවුන් සතු කෝටි ප්‍රකෝටි ගණන් වටිනාකමින් යුතු යන්ත්‍රෝපකරණ පිටරටවලට විකිණීම සඳහා මේවනවිට දැන්වීම් පවා පළකර තිබේ.
මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග වලට අනුව, මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් කොන්ත්‍රාත් සමාගම් වලට රජය විසින් ගෙවිය යුතු හිඟ මුදල බිලියන ගණනකි.