සෞඛ්‍ය සේවාවේ ගැටළු විසඳීම වෙනුවට ඒවා හෙලිදරව් වීම වැලැක්වීම සඳහා විනය නීතී දේශපාළණීකරණය කරමින්, මාධ්‍යට අදහස් දැක්වීම තහනම්

කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කල චක්‍රලේඛය පිළිබඳව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම සැලකිල්ලට ගනිමින්, වැඩ වර්ජනයකට යෑමට සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කර ඇත.

ඒ අනූව ලබන අගෝස්තු 03 වෙනිදා උදෑසන සිට වර්ජනය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, එහිදී ඇතිවිය හැකි සියළු අපහසුතාවයන්ගේ වගකීම සෞඛ්‍ය ලේකම්වරයා බාර ගත යුතු බවත්, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.

බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයට ඊයේ (29) රැස්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති, මාධ්‍ය හමුවක් පවත්වා එම කාරණය අවධාරණය කළේය.

'' කෙහෙලියව එලවන්න අපිට අවශ්‍යතාවයක් නෑ..''

'' අපි තිරනයක් අරන් තියනවා ලබන 3 රට පුරා අපේ සමාජිකයන් කොළඹ ට කැඳවන්න.. ඇමතිව තොරද්දි විෂය පිලිබදව අත්දැකීම් බහුල පුද්ගලයෙක් වෙන්න ඕන. කෙහෙලියව එලවන්න අපිට අවශ්‍යතාවයක් නෑ .. එත්, මෙහෙම ඉදිරියට යන්න බෑ.. විනාශයට යන සෞඛ්‍යය ක්ෂේත්‍රය බේරගන්නයි අපි මේ උත්සහ ගන්නෙ. ජනතාව වෙනුවෙන් නිදහස් සෞඛ්‍යය රැකගන්නයි අපි 3 වෙනිදා සමළුවක් පවත්වනවා..'' යයි මාධ්‍ය හමුව ඇමතු සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයකු වන ධර්මකීර්ති ඇපා පැවසිය.

''ඇමති හිටගන්නෙ හොරුන්ගෙ පැත්තේ''

මාධ්‍ය හමුව ඇමතු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේශ් මෙසේ පැවසිය.

'' මේ අර්බුදය පාවිච්චි කරලා සමහරු දේශපාලනය කරනවා, සමහරු ඇමති පුටු මාරුකරගන්න හදනවා. එත් අපි හදන්නෙ රෝගින් වෙනුවෙන් පෙනි ඉන්න අපිට ප්‍රශ්න නැතුව නෙමෙයි. අපි ගෙදර ප්‍රශ්නයක් වගෙ ප්‍රශ්න විසද ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරියට අරන් යන්න උත්සහා කරමින් ඉන්නවා. කාර්‍ය මන්ඩලයට වෙලා තියන අසාධාරණයත්  අපි ඉදිරියේ තියනවා.

සමාගමක් ඇවිත් සෞඛ්‍යය ඇමතිවරයා හරහා සේවකයන් මාරු කරන ඔජස් ගලන තැනට ඇවිත්. මේ දේශපාපන ඇගිලි ගැසීම් නිසයි සේරම ප්‍රශ්න තාක්ශනික හොරකමක් තියනවා ඒව පාලනය කරන්න ඔන අය ඒවා පාලනය කරන්නෑ. ඇමති හිටගන්නෙ හොරුන්ගෙ පැත්තේ. රෝගින් පැත්තෙන් පැමිනිල්ලක් කරන්න තැනක් නෑ .රිජ්වේ රොහලේ වකුගඩු ප්‍රශ්නය වෙනුවෙන් මිය ගිය දරුවට ගැන පැමිනිල්ලක් කරන්න තැනක් නෑ.

රෝගින් ගැන හොයා බලන්න පෙනි ඉන්න ආයතනයක් අත්‍යවශ්‍යයි !

අපි දැන් රෝගින් සුරැකීමේ සංවිධානයක්. ඒ නිසා අපි කාවවත් ආරක්ශා කරන්න තොරතුරු හන්ගන්නෙ නෑ. MRA යන්ත්‍ර කැඩිලා අඩුපාඩු ගැන අපි කිවුවා ඒව ගනන් ගත්තෙ නෑ.. ඒවගෙ ප්‍රතිපල තමයි මේ .

රෝගින් ගැන හොයා බලන්න පෙනි ඉන්න ආයතනයක් අත්‍යවශ්‍යයි. අපි ආරාධනා කරනවා අසාධාරණයට ලක්වුන රෝගින්ට වෘත්තීය සමීතිවලට හැම දෙනාටම අරාධනා කරනවා.. මේ රටේ ප්‍රතිපත්ති හදන ව්‍යවස්ථාදායක සභාවේ ඕනෑම කෙනෙක්ට එන්න පුලුවන්.  

මාධ්‍යට අදහස් දැක්විමේ වෘත්තීය සමිති නිදහස තහනම් කරපු චක්‍ර ලේඛනය අහෝසි කරගත යුතුයි. අපි බලන් ඉන්නවා ඇමතිතුමා ගන්න තීරණය සම්බන්ධව.

අහෝසි නොකරොත් අපේ වෘත්තීය ක්‍රියාමාර්ග අගෝස්තු 3 වනදා උදෑසන 8ට ආරම්භ කරනවා ''



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්