සිපිරි ගෙයි ලගින්නට සිදුවී ඇති බෞද්ධ භික්ෂුන් වහන්සේලා පනහකට ආසන්න සංඛ්‍යාවෙන් මහත් බහුතරයකට එල්ලවී ඇත්තේ ලිංගික අපරාධ චෝදනා බව අනාවරණය වී තිබේ.



සිරගත කර සිටින ආගමික නායකයන් අතුරින් වැඩිම දෙනකු බෞද්ධ භික්ෂුන් වහන්සේලා බව පාර්ලිමේන්තුව හමුවේ එළිදරව් කළේ අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය වරයාය.

මේ වසරේ ජුනි 1 වැනිදා වන විට ස්වාමීන් වහන්සේලා 29 දෙනකු සිරකරුවන් වශයෙන්ද 19 දෙනකු සැකකරුවන් ලෙසද බන්ධනාගාර ගතව සිටින අතර අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය වරයා විසින් හෙළි කරන ලද පරිදි ඔවුන්ට වැඩිම චෝදනා එල්ල වී  ඇත්තේ ලිංගික අපරාධ සම්බන්ධයෙනි.

ළමා ලිංගික අපචාර, ස්ත්‍රී දුෂණ, මිනීමැරුම්, මුදල් වංචා, නිදන් හැරීම, බරපතල ලිංගික අපයෝජනය, බාල වයස්කාර දැරිවන් දුෂණය කිරීම යන චෝදනා ඔවුන් වෙත එල්ල වී තිබේ.

බෞද්ධ ජනයාගේ හද කම්පා කරවන සුළු එම තොරතුරු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න විසින් අගෝස්තු 8 වැනිදා පාර්ලිමේන්තුවේදී හෙළි කර තිබුනේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය වරයා පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළ තොරතුරු අනුව ඉහත චෝදනා යටතේ බන්ධනාගාරගත කර සිටින හින්දු, කතෝලික සහ ඉස්ලාමීය පුජකවරුන් ගණන අල්පයකි.
වෙනත් ආගම්වල පුජකයන් කිසිවකුත් සිරභාරයේ ඉන්නා බවක් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කෙරුනේ නැත.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්