නැගෙනහිර පළාතේ හින්දු කෝවිලක් සමීපයේ පුරා විද්‍යා භූමියක වසර කිහිපයක සිට

ඉදිකරමින් පවතින බෞද්ධ විහාරයක වැඩ කටයුතු නතර කරන ලෙස බලකරමින් විරෝධතාවයක් දියත් කර තිබේ.

 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලී ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පෙරියකුලම් ග්‍රාමයේ පිහිටි උච්චිපිල්ලයාර් කන්ද පාමුල ඉදිකරමින් පවතින විහාරයේ වැඩ කටයුතු නතර කරන ලෙස ගම්වාසී හින්දු භක්තිකයන් අගෝස්තු 7 වැනි සදුදා විරෝධතා දියත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

 ඔවුන් පවසන පරිදි  දෙමළ පවුල් 35 ක් පදිංචිව සිටින පෙරියකුලම් ග්‍රාමයේ පිහිටි නාග තම්බිරාන් කෝවිල අසල මෙම බෞද්ධ විහාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ 2017 වසරේදීය.

 එම භුමියේ නිදන් වස්තු ඇති බවට 2016 වසරේ පැතිර ගිය රාවයක් නිසා ගම් වාසීන් සහ පිටස්තර පුද්ගලයන් එම භුමියේ නිදන් හෑරීමට පටන් ගැනිමෙන් පසුව එම භුමිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භුමියක් ලෙස ගැසට් කර ඇති බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.‍

 එම භුමියේ බෞද්ධ පුරා වස්තු පවතින බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසන බවයි ගම් වැසියන් සහ පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සමග එක්ව මෙම විහාරය ඉදිකරනු ලබන්නේ පුල්මුඩේ, අසිරිමලේ අරණ්‍ය  සේනාසනයේ  ප්‍රධානි පනාමුරේ තිලකවංශ හිමියන්  බව  ප්‍රදේශවාසින් සදහන් කරයි.

 උතුර සහ නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායකද වන එහිමියන්, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දේශීය හා ජාත්‍යන්තර විරෝධය මධ්‍යයේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් පත්කළ ජනාධිපති කාර්ය සාධක බලකායේ උද්යෝගිමත් සාමාජිකයෙකි.

 ආරක්ෂක සෙබළුන්ගේ රැකවරණ යටතේ මුහුදුබඩ ඉඩමක් කොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවක විරෝධය පෑ මුස්ලිම් සහ දෙමළ වැසියන්ට තිලකවංශ හිමියන් ගේ ශරීරාරක්ෂකයෙක් ගිනි අවි අමෝරා තර්ජනය කළ ආකාරය ඉකුත් අප්‍රේල් මාසයේ වාර්තා විය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්