කොළඹ ජාතික රෝහලේ ගොඩනැගිලි රැසකට ඊයේ (14) පෙරවරු 10.00 සිට පැය 8 කට අධික කාලයක් විදුලි විසන්දි වීමෙන් රෝගීන් සහ වෛද්‍යවරු
ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්වූ බව එම රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම විදුලිය බිඳ වැටීම ඊයේ පස්වරුව වන විට යථා තත්වයට පත්කර තිබිණ.
මෙම විදුලිය බිඳ වැටීමත් සමඟ රෝහලේ දුරකථනය ජාලය සහ වායු සමීකරණ පද්ධතිය ද අක්‍රීය වීමෙන් දැඩි අපහසුතාවට පත්වූ බව කී එම නිලධාරියා වෛද්‍යවරු විදුලි පන්දම් ආධාරයෙන් ශල්‍යකර්ම කළ බව ද සඳහන් කළේය.
ශල්‍යාගාර A, ශල්‍යාගාර B, ශල්‍යාගාර D, වාට්ටු අංක 65 ඇතැම් දැඩි සත්කාරක වාට්ටු වල රෝගීන් බරපතල අවධානමකට ලක්ව තිබු බවද වාර්තාවේ.
මෙම විදුලි බිඳවැටීමත් සමඟ ලේ බැංකුවේ ගබඩා කර ඇති ලේ, ඇතැම් ඖෂධ වර්ග දැඩි අවදානමකට පත්ව ඇති බවත් දැඩි සත්කාර ඒකකවල යන්ත්‍ර ඒවායේ බැටරියෙන් ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවත් එම නිලධාරියා කීය.
ජාතික රෝහලේ නඩන්තු අංශයේ පරිපාලන නිලධාරීන් නවයක් සේවය කරද්දී සිදුවූ මෙම දැවැන්ත විදුලි බිඳවැටීම පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
(lankadeepa.lk)