මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව,

ඒ සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී අවධානය යොමුව තිබේ.

එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව පසුගිය දා රැස්වු බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එහි දී මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව ටිරාන් අලස් අමාත්‍යවරයා සඳහන් කළේය.

කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ ආයතන නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් සැලකිල්ලට ගෙන එම කමිටුව වෙත වාර්තාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කර තිබේ.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්