මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව වතුයායේ රත්වත්තේ වත්තේ ජීවත් වූ මාස දෙකක බිළිඳකු ඇතුළු දුගී වතු කම්කරු

පවුලක් එම වත්තෙන් ප්‍රචණ්ඩකාරී අන්දමින් පළවා හරින අයුරු දැක්වෙන වීඩියෝපටයක් අනාවරණය වීමෙන් අනතුරුව එම වත්තේ සභාපතිවරයා විසින් ඊට වගකිව සහකාර වතු කලමනාකාරවරයා සේවයෙන් නෙරපා හැරීමට කටයුතු කර තිබේ.

අදාළ සහකාර වතු කලමනාකාරවරයා සහ තවත් වතු නිලධාරීන් කිහිප දෙනෙකු විසින් එම පවුල ජීවත් වූ තාවකාලිකව අටවා තිබූ නිවහන වෙත නීති විරෝධී අන්දමින් කඩා වැද ඔවුන්ගේ ආහාරපාන විසිකරමින් අවමන් සහගත අන්දමින් පරිභව කරන අයුරු එකී වීඩියෝපටයේ දැක්වෙන අතර, මෙම වීඩියෝපටය ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ මෙම සිදුවීමට අදාළව ක්‍රියාමාර්ග ගන්නා මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් සමාජ සංවිධාන කිහිපයක් විසින් ම අවධාරණය කර තිබේ.

 

 




ජහෙ4556

වතු අංශය පිළිබඳ වගකීම් දරන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ඉකුත් ඉරු දින මෙම රත්වත්තේ වත්ත සහ අගතියට පත් පවුල හමුවීමට ගොස් තිබිණ. මීට අදාළව සිදුකළ විමර්ශනයක දී, අධිකරණ නියෝගයක් හෝ පොලීසියේ මැදිහත් වීමකින් තොරව අදාළ වතු කම්කරුවා සහ ඔවුන්ගේ පවුල පළවා හැරීමට කටයුතු කර තිබීම නීති විරෝධී බව ඇමතිවරයාගේ අදහස වී ඇත.

එමෙන්ම, මෙසේ අගතියට පත් වතු කම්කරු පවුල ඔවුන්ගේ බිළිඳු දරුවා ද සමඟ මහමඟට ඇද දමන බවට එම වතුයායේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ද තර්ජනය කර ඇති බවට මෙහි දී අනාවරණය වී ඇත. ඒ අනුව, මීට අදාළව වහා ක්‍රියාමාර්ග ගෙන වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන මෙන් අමාත්‍යවරයා විසින් දැනුම්දී ඇත.

රත්වත්තේ වත්තේ සභාපතිවරයා සහ මේ වන විට ධුරයෙන් නෙරපා හැර තිබෙන සහකාර කලමනාකාරවරයා විසින් අගතියට පත් පවුලට මුහුණ දීමට සිදුවූ අවාසනාවන්ත අත්දැකීම සම්බන්ධයෙන් සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබේ. එමෙන්ම, අගතියට පත් පවුලට පදිංචිය සඳහා ස්ථිර නිවහනක් තම භූමිය තුළ ඉදිකිරීමටත්, මෙම වත්තේ ම ජීවත් වෙමින් සේවය කරන තවත් පවුල්වලට ස්ථිර නිවාස 11 ක් ඉදිකර දීමටත් රත්වත්තේ වත්තේ කලමනාකාරීත්වය විසින් පොරොන්දු වී තිබේ.



ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් බොහෝ විට ජීවත් වන්නේ මූලික සේවාවන් සඳහාවත් ප්‍රවේශයක් නොමැති ප්‍රමිතියකින් තොර නිවාසවල ය. වතු කම්කරුවන්ට නිතර අමානුෂික වැඩ පරිසරවලට මුහුණ දීමට සිදුවන අතර, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් පවා නිතර අහිමිවන තත්ත්වයක් උද්ගත වී තිබේ. රත්වත්තේ වත්තේ සේවය කරන වතු කම්කරුවන්ගේ කණගාටුදායක නිවාස තත්ත්වයන්ට ඉහත සඳහන්කළ ප්‍රසිද්ධියට පත් වීඩියෝපටය පැහැදිලි සාක්ෂි දරයි.


Matale 02

Matale 4

ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරුවන්ගේ ශ්‍රී ලංකා ආගමනය සිදු වී වසර 200 ක් පිරීම සැමරීමට මෙම වසරේ දී කැබිනට් මණ්ඩලය එකඟ විය. වතු කම්කරුවන් මුහුණ දෙන ඉඩම් හා නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආර්ථික ගැටළු විසඳීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් පියවර කිහිපයක් ම ගනිමින් සිටින බව තොණ්ඩමන් අමාත්‍යවරයා ද අනාවරණය කළේය.

“කිසිඳු පුද්ගලයකුගේ ගෞරවය හෝ නිවහන කොල්ලකෑම සිදු නොකළ යුතුය. සමාගමකට ගිවිසුම්ගත වී උපත ලැබීමේ උරුමය අවසන් විය යුතුය. සමෘද්ධිමත් වීමට, ගෞරවාන්විතව ජීවත් වීමට, සහ නින්දාවෙන් නිදහස් වීමට සෑම දෙනෙකුටම අවස්ථාව හිමිවිය යුතුය,” යනුවෙන් අමත්‍යවරයා සිය නිල එක්ස් (මීට ඉහත ට්විටර් නමින් හැඳින්වූ) ගිණුම ඔස්සේ ප්‍රකාශයක් සටහන් කරමින් අවධාරණය කළේය.

fg4ew534

සබැඳි පුවත් :

මලෛයහ 200 පාගමනේ උණුසුම යන්නත් පෙර පාලකයෝ වැඩ අල්ලති

 

 JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image