තිරික්කල් රේස් තරගවල සිය ගවයා පරදවන කින්නියා ගවයකු කොන්ත්‍රාත්තුවක්දී මසට විකිණීමේ සිද්ධියක් සම්බන්දයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

ඉතා හොදින් වැඩී ඇති රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනාකමකින් යුත් කින්නියා ගවයා මස් පිණිස අලෙවි කර ඇත්තේ රුපියල් එක්ලක්ෂ අසූපන් දහසකට බවද පොලිසිය කීය.

බණ්ඩාරගම , අලුත්ගම ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු සහ පළමු සැකකරු මුදල් ඔට්ටුවට පවත්වන තිරික්කල් රේස් සදහා සහභාගී වන මිතුරන් දෙදෙනකු බවත්, කොන්ත්‍රාත්තුවක් ලබාදී ඝාතනය කර ඇති ගවයා පසුගිය දිනවල පැවතී සියලු තරග වලින් ජයගෙන ඇති බවත් සදහන් වේ.

එයින් වෛරයක් ගොඩනැගී ඇති අනෙක් මිතුරා දෙවන සැකකරුට කොන්ත්‍රාත්තුවක් දී එම දක්ෂ ගවයා මස් පිණිස කළුතර ප්‍රදේශයේ ගව ඝාතකාගාරයක් වෙත අලෙවි කිරිමට කටයුතු කර තිබූ බව පොලිසිය කීය.

එවැනි ගවයකු නඩත්තු කිරීම සදහා මාමයිට්, විවිධ ඖෂධ සහ කොල්ලු ඇතුළු දෑ ලබාදී නඩත්තු කිරීම සදහා මසකට රුපියල් පනස් දහසක් පමණ වැයකරන බවත් සඳහන් වේ. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම සහ අටුළුගම ප්‍රදේශයේ පදිංචි 40 සහ 25 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි. 

(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
lankadeepa.lk


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්