ශ්‍රී ලංකාවේ ධාවනය කෙරෙන වාහනවලින් 90% ක් වායු විමෝචන ප්‍රමිතියෙන් තොර බව හා වාර්ෂිකව වායු විමෝචනය ට ඉදිරිපත් කෙරෙන වාහනවලින් 20% ක් වායු විමෝචනය අසමත් වන බව බලශක්ති හා ප්‍රවාහනය
පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී හෙළි වී ඇත.
එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී මෙරටට මගී ප්‍රවාහන බස් රථ ගෙන්වීම සඳහා අවම ප්‍රමිතියක් සකස් කිරීමට අදාළ යෝජනාව ප්‍රවාහන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇති අතර කමිටුව තීරණය කළ නිර්ණායක වලට අනුකූලව බස්රථ ගෙන් විය යුතු බවට තීරණය කර ඇත.
කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ අදාළ අංශවලට එහිදී නියෝග කර ඇත්තේ මගී ප්‍රවාහන බස් රථ ආනයනය සහ වාහන වල වායු විමෝචනය අධීක්ෂණය පිළිබඳ කරුණු ඇතුළත් වාර්තාවක් මාස දෙකක් ඇතුලත කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.
(සිසිකලා හේරත් - අනිද්දා පුවත්පත)