අධික නියගය පවතින දිස්ත්‍රික්ක පහළොවේ ජනතාව විවිධ ආර්ථික ගැටළු හේතුවෙන්

රුපියල් කෝටි 10,000 කට වැඩි කනකර ආභරණ ඇතුළු දේපළ උකසට තබා ඇතැයි බැංකු සහ උකස් මධ්‍යස්ථාන ආරංචිමාර්ග වලින් පැවසේ.

ආර්ථික ගැටලූ හේතුවෙන් ඇතැමුන් දේපළ විකුණා දමමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

අධික නියගය තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහළොවේ ලක්ෂ 2කට වැඩි පිරිසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදී සිටිති.

සිදුවී ඇති වගා හානිය අක්කර 60,000 ඉක්මවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිලධාරීහු පවසති.

මේ අතර ආර්ථික ගැටලු හේතුවෙන් රටපුරා ජනතාව රුපියල් කෝටි 68,729 කට වැඩි වටිනා ස්වර්ණාභරණ පසුගිය වසරේදී බැංකුවලට සහ උකස් මධ්‍යස්ථානවල උකසට තබා ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසිය.

(lankadeepa.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image