දැනට දින නියමයක් නොමැතිව කල් ගොස් ඇති පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා

අසත්‍ය බව වාර්තා වේ. 

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී නිර්නාමිකව සිටීමට කැමැති මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එම කොමිසමට ලිපියක් ලැබී නොමැති බවයි. 

එමෙන්ම එම නිලධාරියා අවධාරණය කළේ මේ වන විට පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත්තේ එම පෙරමුණේ ආණ්ඩුව විසින් ඒ සඳහා වෙන් කරන ලද මුදල් ලබා නොදීම නිසා බව එම පක්ෂයට අමතක වී ඇතත් මේ රටේ මහජනයා දන්නා කරුණක් බවය. 

මාධ්‍ය වාර්තා කරනු ලැබූයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය  ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කළ බව එම පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පැවසූ බවයි.


(ලසන්ත රුහුණගේ - අනිද්දා පුවත්පත) 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්