ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරියකු සහ මාණ්ඩලික නිලධාරීන් විසි දෙදෙනකු ඇතුළු නිලධාරීන් පිරිසකට කෝටි 7කට ආසන්න දීමනා 2021 වර්ෂයේදී අනුමැතියකින් තොරව ගෙවා ඇතැයි ජාතික

විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා කොව්ඩ් 19 දිරි දීමනා යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර සාමාන්‍ය රාජකාරි දින හා නිවාඩු දිනයන් ලෙස නොසලකා රාජකාරියට වාර්තා කරන දිනකට දින එකහමාර බැගින් දීමනා ගණනය කර 2020 වර්ෂයේදී 17843781ක්ද 2021 වර්ෂයේදී 44273092ක් වශයෙන් රුපියල් 62116873ක මුදලක් භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

තවද ආයතනයේ විධායක නිලධාරීයකු ඇතුළු මාණ්ඩලික නිලධාරින් විසි දෙදෙනකුට රුපියල් නව ලක්ෂයකට වැඩි මුදලක් 2021 වර්ෂයේදී අනුමැතියකින් තොරව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම දීමනා ගෙවා ඇතැයි පැවසෙන්නේ නිවාඩු දින 415ක් වෙනුවෙනි.

මේ අතර ඖෂධ නියාමන අධිකාරිය ඩොසියර පවත්වාගෙන යෑමේදී හා අදාළ ලේඛන සකස් කිරීමේ දී නොසැලකිලිමත්ව හෝ හිතාමතාම වැරදි තොරතුරු ඇතුළත් කර තිබූ බවත් ඇතැම් අත්‍යවශ්‍ය ලේඛන පවා ඩොසියර තුළ ඇතුළත් කර නොතිබූ බවත් එම විගණන වාර්තාවේ සඳහන් වේ.

එසේම තාක්ෂණික ඇගයීම් පිරික්සුම් ලැයිස්තුව තුළ සාවද්‍ය තොරතුරු ඇතුළත් කර තිබූ බව පවසන වාර්තාව ඖෂධ බලපත්‍ර මාර්ගගත ක්‍රමයට 2019 සහ 2020 වර්ෂවලදී දීර්ඝ කිරීමේදී විධිමත් අනුමැතියක් නොලද නිලධාරීන් ඒවාට අත්සන් යොදා තිබූ බවද සඳහන් කරයි.


(lankadeepa.lk)



 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image