රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් සමාජ සහ ආගමික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා ගෙන් රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක්

යවා තිබේ.

රොහාන් සිල්වා පියතුමා විසින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මේජර් ජෙනරාල් සලේට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිද්ධීන් පිළිබඳව එල්ල කළ තැතිගන්වන සුලු සහ පදනම් විරහිත චෝදනා සහ අපහාසාත්මක ප්‍රකාශයෙන් සිදු වූ හානිය වෙනුවෙන් අදාළ වන්දි මුදල ලබාදෙන ලෙස මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂිකා බක්මීවැව විසින් අදාළ එන්තරවාසිය යොමුකර ඇත.

රොහාන් සිල්වා පියතුමා වෙත යොමුකර තිබෙන එම එන්තරවාසියෙන් රොහාන් සිල්වා පියතුමා නඟන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. පාස්කු ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නම් පුද්ගලයා සමග මේජර් ජනරාල් සුරේෂ් සලේ සන්නිවේදනය කර හෝ මුණගැසී ඇති බවට පියතුමා එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම, මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් හෝ ඔහුගේ අනුගාමිකයෙකුට හෝ සංවිධානයකට මේජර් ජෙනරාල් සලේ විසින් සපයන ලද මූල්‍ය ආධාර හෝ සහාය ලබාදුන් බව කියැවෙන ප්‍රකාශ සියල්ල ද එම එන්තරවාසියෙන් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම, මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නම් පුද්ගලයාට හෝ ඔහුගේ අනුගාමිකයෙකුට හෝ එවැනි ඕනෑම අයෙකුට හෝ ඔහු සම්බන්ධ වූ සංවිධානයකට මූල්‍ය ආධාර හෝ වෙනත් ආකාරයක සහයෝගයක් ලබා දී ඇති බවට නඟන චෝදනා ද තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.


 මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ නීතිඥවරිය යවා ඇති එන්තරවාසියේ, රොහාන් සිල්වා පියතුමාගේ ප්‍රකාශයන් “පරම අසත්‍ය, ද්වේශසහගත සහ සම්පූර්ණ අපහාසාත්මක” චෝදනාවක් ලෙස විස්තර කරයි. මෙම චෝදනා මේජර් ජෙනරාල් සලේගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීම අරමුණු කරගත් සත්‍ය නොවන, විකෘති වූ සහ හසුරුවන ලද කරුණු මත පදනම් වී ඇති බවත් සඳහන් කරයි.

 
මේජර් ජෙනරාල් සලේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් හා සිද්ධීන් සමග සම්බන්ධ කිරීමට රොහාන් සිල්වා පියතුමා දැරූ උත්සාහය අදාළ එන්තරවාසියෙන් නිෂ්ප්‍රභ කර ඇති අතර, එම කාලය තුළ මේජර් ජෙනරාල් සලේ විදේශයක හෝ වෙනත් ස්ථානයක රැකියාවක නිරත වූ බවද අවධාරණය කරයි.

මෙම ද්වේශ සහගත චෝදනා මේජර් ජෙනරාල් සලේගේ කීර්ති නාමයට දැඩි හානියක් කර ඇති බවත්, ඔහුට සැලකිය යුතු පීඩාවක් ඇති කර ඇති බවත් පෙන්වා දෙමින්, ඇස්තමේන්තුගත හානියට රුපියල් මිලියන පනහක වන්දියක් ඉල්ලා තිබේ.

අදාළ ඉල්ලීමට අනුකූල වීමට අපොහොසත් වුවහොත්, දැනුම් දීමකින් තොරව රොහාන් සිල්වා පියතුමාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකරන බවත් අදාළ එන්තරවාසියෙන් වැඩිදුරටත් සඳහන් වෙයි.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්