බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව ඊයේ (05) රාත්‍රීයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක් එළිදැක්වීය.
2019 අප්‍රේල් 21 දා මෙරට සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විනාඩි 50කට ආසන්න එම වැඩසටහනට, පිල්ලෙයාන් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා ප්‍රධාන වශයෙන් තොරතුරු ඉදිරිපත් කර තිබුණි.
අසාද් මවුලානා මේ වන විට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය පතන පුද්ගලයෙකි.
මෙම වාර්තා වැඩසටහන මගින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ දීර්ඝ විචාරයක් ඉදිරිපත් කරමින් ඔහුට එරෙහිව විවිධ චෝදනා එල්ල කර තිබේ.
විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ එහි දී වැඩි කාලයක් එම වීඩියෝවෙන් වෙන් කර තිබූ අතර, අසාද් මවුලානා ද එම චෝදනා තහවුරු කරන ආකාරයේ ප්‍රකාශ ඉදිරිපත් කරයි.
පිල්ලෙයාන් කණ්ඩායම සමග එක්ව ට්‍රිපොලි ප්ලැටූන් නැමැති සන්නද්ධ කල්ලිය බිහිකිරීමට එවක පැවති රජය කටයුතු කළ බවත් ඔවුන් මාධ්‍ය මර්දනයට සහ ප්‍රතිවාදීන් නිහඬ කිරීම සඳහා යොදාගත් බවත් ආසාද් මවුලානා මෙහි දී පවසයි.
මෙහි පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සඳහා ගානියා ෆ්‍රැන්සිස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ නිශාන්ත සිල්වා, මාධ්‍යවේදිනි ෆෙඩ්රිකා ජෑන්ස්, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොයුරු ලාල් වික්‍රමතුංග සහ නම් සඳහන් නොකළ වෙනත් පුද්ගලයන්ගේ ප්‍රකාශ යොදා ගෙන තිබුණි.
එමෙන්ම කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අම්බිකා සද්ගුණනාදන්, හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරී සරත් කෝන්ගහගේ ගේ ප්‍රකාශ ද මෙම වීඩියෝවට ඇතුළත් ය.
පිල්ලෙයාන්ගේ උපදෙස් අනුව පසුව 2018 වසරේ ජනවාරියේ පුත්තලමේ කරදිපුල් ප්‍රදේශයේ පොල් වගා කළ ගොවිපොළක දී එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වූ සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් සාමාජිකයන් අතර හමුවක් සංවිධානය කිරීමට තමා පියවර ගත් බවත් ඊට සහරාන් ඇතුළු තවුහිද් ජමාත් සාමාජිකයන් 6 දෙනෙකු සහභාගී වූ බවත් අසාද් මවුලානා සඳහන් කරයි. එම හමුව අවසානයේ තමා වෙත පැමිණි සුරේෂ් සලේ, රාජපක්ෂවරුන්ට බලයට පැමිණීම සඳහා රට තුළ අනාරක්ෂිත වාතාවරණයක් ඇති කළ යුතු බව පැවසුවා යැයි ඔහු පවසයි.
මේ අතර, චැනල් ෆෝ නාලිකාව වෙනුවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා වැඩසටහන නිෂ්පාදනය කළ බේස්මන්ට් ෆිල්ම්ස් ආයතනයේ 'බෙන් ඩි පෙයාර්' විසින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙත අදාළ වැඩසටහනට තොරතුරු ලබාදුන් අය එල්ල කරන චෝදනා හතරක් යොමුකර තිබුණි.
එම ප්‍රශ්නාවලියට මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පිළිතුරු ලිපියක් යොමු කරමින් එම චෝදනා කරුණු සහිතව ප්‍රතික්ෂේප කර ඇති අතර' චැනල් ෆෝ වීඩියෝවේ ඒ බවද සඳහන් කොට තිබේ.
අදාළ චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත් අදාළ හමුව සිදුවූයේ යැයි කියන කාලවකවානුවේ තමා මැලේසියාවේ රැඳී සිටි බවත් පාස්කු ප්‍රහාරය වන සමයේ තමා ඉන්දියාවේ පුහුණු වැඩසටහනකට සහභාගි වෙමින් සිටි බවත් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පෙන්වා දෙයි.
එමෙන්ම විශ්වසනීය සාක්ෂිවලින් තොරව තමාගේ කීර්ති නාමයට කැළලක් වන ආකාරයේ චෝදනා ඇතුළත් අදාළ වාර්තා වැඩසටහන විකාශය කළහොත් නීතිමය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව ද මේජර් ජෙනරාල් සුරේෂ් සලේ එම වැඩසටහන නිෂ්පාදනය කළ බෙන් ඩි පෙයාර්ට දන්වා තිබේ.
සබැඳි ලිපි :
පාස්කු බෝම්බයේ සැඟවූ රහස් : කවුද මේ අබුහින්ද්, පොඩි සහරාන්, සහ ජමීල් - (පළමු කොටස)
පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: කවුද මේ හිටිහැටියේ පහළ වූ අසාද් මවුලානා ? - (දෙවන කොටස)
පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: චැනල් 4 ප්‍රහසනය හමුවේ සමාජ වගකීම - (අවසාන කොටස)
පාස්කු යුක්තියේ දේශපාලන හස්තය
සබැඳි පුවත්
පාස්කු කුමන්ත්‍රණයේ සත්‍ය !
චැනල් ෆෝ වීඩියෝවට පසු ආණ්ඩුව කරන්න යන වැඩේ
පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: කවුද මේ හිටිහැටියේ පහළ වූ අසාද් මවුලානා ?
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට රාජපක්ෂ පවුල සම්බන්ධයි ! - චැනල් ෆෝ වීඩියෝව අද එලියට
ආයේ ආයෙත් මුණගැසෙන රහස්....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)
'තමන්ටත් දරුවන්ටත් විශාල තර්ජනයක්' - බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ
රාජපක්ෂගේ නිලධාරීන් ‘පාස්කු ඉරිදා බෝම්බවලට සම්බන්ධයි’ - එංගලන්තයේ 'ද ටයිම්ස්'
පාස්කු බෝම්බයේ සැඟවූ රහස් : කවුද මේ අබුහින්ද්, පොඩි සහරාන්, සහ ජමීල් - (පළමු කොටස)
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය: චැනල් 4 ආන්දෝලනාත්මක වීඩියෝව සැප්. 5 එලියට !