මුලතිව් දිස්ත්‍රික්කයෙන් හමු වු ශ්‍රී ලංකාවේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් කටයුතු

යළි ආරම්භ කර දෙදිනක් ගත වන්නට මත්තෙන් අවම වශයෙන් තවත් දෙදෙනකුගේ බවට සැක කෙරෙන සිරුරු කොටස් හමුව තිබේ.

කැනීම් ඇරඹි දින හවස් යාමයේ පොලිස් රැකවල් ලා තිබියදී සිවිල් ඇඳුම් හැඳගත් පොලිසියේ හා හමුදාවේ භටයන් ආරක්ෂිත භූමියට වැදී ඡායාරුප ගැනීම නිසා ඉදිරි කාලයේ ගොඩගනු ඇති දේවල රැකවරණය සම්බන්ධයෙන් බිය පලවී ඇත.

සැප්තැම්බර් 7 වැනිදා කැනීම් කටයුතු නිමා විමෙන් පසුව සිරුරු  ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ සිරුරු කොටස් වලට අමතරව පතොරම් බවට සැක කෙරෙන ලෝහ කොටස් කිහිපයක්ද අද දිනයේ දී සොයා ගත් බවයි.

"විශේෂයෙන්ම තුවක්කු පතොරම් කියලා සැක කෙරෙන ලෝහ කොටස් සොයා ගෙන තියනවා. මේ සම්බන්ධයෙන් කැනීම් දිගටම කරගෙන යනවා. සොයාගත් මිනිස් අස්ථි කොටස් වල වෙඩි වැදිච්චි සලකුණු තියනවාද කියලා සොයා බලන්න ඕනේ. දැන් මුකුත් කියන්න බෑ. මළ සිරුරු එකක් හෝ දෙකක් කියලා කියන්න පුළුවන්. හරියටම ගනන් කියන්න බෑ. ඇදුම්වල වෙඩි වැදිච්ච සලකුණු වගේ සලකුණු දකින්න පුළුවන්."

යුද්ධයෙන් වැඩිම හානියට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි හිදී මාස දෙකකට ඉහත  මතුවූ සමූහ මිනීවලේ  කැනීම් කටයුතු අධිකරණ නියෝග මත සැප්තැම්බර් 6 වැනිදා උදෑසන සිට යළි ආරම්භ කර තිබුනි.

වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් ගේ ද සහභාගීත්වයෙන් දෙවැනි දිනටත් සැප්තැම්බර් 7 වැනිදා සිදු කළ කැනීම් කටයුතු නිරීක්ෂණය සදහා නීතීඥයන් සමග මුලතිව් මහේස්ත්‍රාත් ටි. ප්‍රදීපන් ද එක්ව සිටි බවයි පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ.



කැනීම්වලට නිළ වශයෙන් සම්බන්ධ පුද්ගලයන් හැර වෙනත් කිසිවකුටත් සමූහ සුසාන භූමියට ඇතුල් වීමට අවසර නොදෙන බව සැප්තැම්බර් 5 වැනිදා සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් විනිසුරුවරයාට දැනුම් දී තිබුනද කැනීම් කටයුතු ආරම්භ කළ 6 වැනිදා සවස් කාලයේ පොලිස් රැකවල් තිබියදීම, පරීක්ෂණ භූමියට සිවිල් ඇඳුමින් ඇතුල් වී ඡායාරූප ගැනීම ට ශ්‍රී ලංකා පොලිසියේ හා හමුදාවේ සාමාජිකයන් කටයුතු කළ ආකාරය ප්‍රදේශයේ මාධ්‍යවේදීන් විසින් වීඩියෝ ගත කර තිබුනි.



කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් අහම්බයෙන් හමුවී තිබුනේ  ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස් ජුනි 29 වැනිදා අහම්බයෙන් හමුවු කොක්කුතුඩුවායි  භුමිය ජුනි 30 වැනිදා  නිරීක්ෂණය කරමින් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා දුන් නියෝගය අනුව  ජුලි 6 වැනිදා භූමියේ කැනීම් කටයුතු ආරම්භ කරන ලදී.

එදින අවම වශයෙන් මිනිස් අස්ථි කොටස් දහයකට වැඩි ප්‍රමාණයක් දැකගන්නට ලැබුන බව කැනීම් කටයුතු ඇසින් දුටුවෝ පවසති.

 {gallery}Wanni Mass grave{/gallery}
 

 
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්