ලෝක රැකියා වෙළඳපොල ඉලක්ක කරගෙන අධ්‍යාපනය ක්‍රමය වෙනස් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ පෙරේදා පැවති බෙලිඅත්ත ආසන බල මණ්ඩලය අමතමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද සඳහන් කළේය. 

'' උසස් පෙළ කලාට පස්සේ ළමයෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබනවා. එතනින් එහාට රැකියා වෙළදපල ඇතුලේ තරුණයාට තිබෙන තැන කුමක්ද මේ ගැන අපි වහාම සොයා බැලිය යුතුයි. අපි සූදානම් විය යුත්තෙ අනාගතයට..

පලවෙනි කාරණය, අප ලෝකයේ බොහෝ රටවල් වලට වඩා වෙනස් කාරණයක් තමයි අපේ රටේ උසස් පෙළ විභාග ක්‍රමය. මොකද උසස්පෙළ විභාගය තමයි අපට තියෙන එකම විකල්පය සහ එකම සුදුසුකම විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට. නමුත් එය වෙනස් වියයුතුයි. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලයට ප්‍රවිශ්ඨ වීමට උසස් පෙළ විභාගය හෝ වෙනත් අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතුයි.

 

''මම විශ්වාස කරනවා විශ්ව විද්‍යාල පද්ධතිය ස්වාධීන විය යුතුයි. රජයේ විශ්ව විද්‍යාල එකිනෙක අතර යම් තරඟකාරිත්වයක් ගොඩ නැගිය යුතුයි. ඒ අනුව විශ්ව විද්‍යාල වලට අපි ස්වාධීනත්වයක් දුන්නොත් තමන්ගේ ශිෂ්‍යයින් තෝරා ගැනීමට ඒතුල ක්‍රීඩකයින්, කලාකරුවන් වගේම උසස් පෙළ Z – score වලින් එන ශිෂ්‍යයින්ව බඳවා ගැනීමට පුළුවනි. තරඟකාරිත්වය තුල විෂයපථය වෙනස් වී සෑම විශ්ව විද්‍යාලයකින්ම උපාධිය ලබන දරුවා රැකියාගතවීමේ ප්‍රතිශතය ගැන සෑම විශ්ව විද්‍යාලයක්ම අවධානය යොමු කරයි.''

 

අවසානයේ දී උපාධියක් ලබා ගෙන රජයේ රැකියාවකට පමණක් සීමා වෙනවාද ? එසේනොමැති නම් අපේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ලෝක රැකියා වෙළඳපලට තරඟකාරිත්වයක් දෙන්න පුළුවන් ශිෂ්‍යයෙක් බවට පත් කරනවාද කියන ගැන සොයා බැලිය යුතුයි.

 අවුරුද්දකට දරුවන් ලක්ෂ 3 කට අධික සංඛ්‍යාවක් උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. එයින් 10%ක ප්‍රමාණයකට තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබෙන්නේ ඉතුරු අයට මොකද වෙන්නේ ? පැහැදිලිවම ලක්ෂ 3 ක් උසස් පෙළ විභාගය ලියපුවාම එයින් එක්ලක්ෂ හැට පන්දාහක් එක්ලක්ෂ හැත්තපන්දාක් අතර ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබනවා. එයින් ලමයි තිස්දාහකට හතලිස්දාහක ප්‍රමාණයකට තමයි රජයේ විශ්ව විද්‍යාලයක් ලැබෙන්නේ. එතනින් එහාට අපි මොනවාද කරන්නේ. 

අපි දේශපාලනික වශයෙන් මැතිවරණ වලදී  පොරොන්දු වෙනවා ශිෂ්‍යන්ට ණය දෙනවා කියලා විදේශීය විශ්ව විද්‍යාල වලට යන්න. එතනින් එහාට ගිය වැඩ පිළිවෙලක් අපි නිර්මාණය කල යුතුයි. අපි සක්‍රීය අරමුදලක් නිර්මාණය කල යුතුයි උසස් අධ්‍යාපනය සදහා දේශීය විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකි දරුවන්ට, දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාලයකට හෝ කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකට ඇතුලත්ව ලෝක රැකියා වෙළදපොලට රැකියාගත දරුවෙක් බවට පරිවර්ථනය කිරීමට. ඒ සක්‍රීය අරමුදල තුල මේ රටේ බොහෝ දරුවන්ට අවකාශය ලැබෙයි කියලා. 

ඒ වගේම මම කලින් ප්‍රකාශ කල පරිදි විශ්ව විද්‍යාල වල තරඟකාරිත්වය ඇති කිරීම තුලින් හා උසස් පෙළ එකම විකල්පය නොවීම තුල බොහෝ නිපුණතාවන් ඇති දරුවන්ටත් මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය විවෘත වෙනවා.''

මෙම ආසන බල මණ්ඩලය රැස්වීමට පාක්ෂිකයින් විශාල පිරිසක් පැමිණ සිටියේය.

namal 23
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වැඩසටහනකදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්විය.



සබැඳි ලිපි :

නොමිලේ අධ්‍යාපනයේ ඇත්ත කතාව - (චන්දන ප්‍රසන්න)

නව ලෝකය වැළඳ ගැනීමට උපාධිධාරීන් සූදානම් කිරීම අවශ්‍යයි - ආචාර්ය හර්ෂ අතුරුපාන

ගමන ආරම්භ කළ යුත්තේ ඔබ විසින් ම ය...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉවරයි ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කෙරේ !

ප්‍රාථමික අධ්‍යාපනයේ අසාර්ථකත්වයට හේතුව ? - අධ්‍යාපන ඇමතිගේ අනාවරණයක් 

කෘත්‍රීම බුද්ධිය සමග ගැටෙන්නට සුදානම් වෙමු - අධ්‍යාපන ඇමති 

සර්ලා මැඩම්ලා කකුල් දෙකෙන් වහලේ එල්ලන කාලයකුත් එයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ)

අධ්‍යාපනයට විතරක් බැහැ මිනිස්සු වෙනස් කරන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය : 'පිස්තෝලේ තිබ්බනම් වැඩේ වෙනවා'- දීප්ති කියයි (වීඩියෝ)

අධ්‍යාපනය කියන්නේ දැනුම වගේම කුසලතා වලත් එකතුවක් - (ආචාර්ය මහේෂ් හපුගොඩ)



 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්