චැනල් 4 නාළිකාව හෙළි කළ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා කමිටු පත් කිරීම ද පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ කමිටු සේම නිෂ්ඵල ක්‍රියාවක් බව අගරදරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

පවසති.

ප්‍රහාරය සඳහා වගකිව යුතු පාර්ශව ඉහළ තනතුරුවල සිටියදී ස්වාධීන විමර්ශන කරන්නේ කෙසේදැයි අගරදගුරු හිමියන් ප්‍රශ්න කළහ.

අගරදගුරු හිමියන් මේ බව පැවසුවේ කළුතර ශාන්ත මරියා දේවස්ථානයේ පැවති දිව්‍ය පූජාවට එක්වෙමිනි.

"එදා පාස්කු බෝම්බ ප්‍රහාරයට හසු වූ 273 දෙනා වෙනුවෙන් මා මේ දේ කිවයුතුමයි. දැන් මේ රටේ නායකයා තීරණය කරලා තියෙනවාලු මේ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත්කරලා චැනල් 4 නාළිකාව පෙන්නපු වැඩසටහනේ ඇති කරුණු විග්‍රහ කරන්න. මම අහන්න කැමතියි අපේ රටේ නායකයාගෙන්, එදා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරලා මේ නායකයාම තමයි ඒ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත්කළේ."

"ඒ තේරීම්කාරක සභාවේ වාර්තාවේ 134 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා මෙන්ම මේ පොලීසියේ උසස් නිලධාරියා මේ සිද්ධිය සම්බන්ධව ඉතාමත් බරපතළ වගකීමක් දරන කෙනෙක් කියලා. ඒ නිසා ඔහුව නීතිය හමුවට පැමිණවිය යුතුයි කියලා අද වෙනතුරු මොකක්ද වෙලා තියෙන්නේ. ඒ උසස් නිලධාරියා තාමත් පොලීසියේ එම තනතුරටත් වඩා උසස් තනතුරක් දරමින් ජීවත්වෙනවා. තවත් කමිටු පත් කිරීමේ තේරුම කුමක්ද? මේවා ඇස්බැන්දුම් - නායකයින්ගේ හැසිරීම ලැජ්ජා සහගතයි."

කළුතර ශාන්ත මරියා දේවස්ථානයේ 125වන ජුබිලි සැමරුම ඊයේ (17) පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

උදෑසන දේව මෙහෙය සඳහා බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර ප්‍රධාන දේව මෙහෙය පවත්වනු ලැබුවේ අගරදගුරු හිමිපාණන් විසිනී.

easter attack 23913පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන සමයේ දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය වූ රනිල් වික්‍රමිසිංහ, ප්‍රහාරයට තුඩුදුන් හේතු විමර්ශනය කරන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ 2019 අගෝස්තු 6 වැනි දා සාක්ෂි දෙමින්.



චැනල් 4 වීඩියෝව ගැන ජනපති ගත් තීරණය



චැනල් 4 නාලිකාව පසුගිය 5 වැනිදා විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මඟින් හෙළිදරව් කරන ලද තොරතුරු සහ එල්ල කරන ලද බරපතල චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට නියමිත බව සැප්තැම්බර් 10 දා දැනුම් දුන්නේ ය.

2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳ 'සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම සඳහා සාධනීය පියවරක් තබමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කෙරෙන' බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

පවතින තත්ත්වයෙහි බරපතලකම අනුව දැනට පවතින සියලු තොරතුරු පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇතිබව‍ එම වාර්තා වේ සඳහන් විය.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අමතරව ඉදිරියේ දී නිකුත්වීමට නියමිත මෙම වාර්තා දෙක ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අදාළ නිවේදනයේ දැක්විණ.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්