1969 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පළමු වැඩ වර්ජනයට නායකත්වය දුන්, කෘතහස්ත වාමාංශිකයකු වූ

එච්. ඒ. සෙනෙවිරත්න,  බ්‍රහස්පතින්දා (21) දින අසූ තුන් වසක් දිගු සිය දිවි මං නිම කළේය.

ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයෙකු වූ ඔහු සම්මානිත ගත් කතුවරයකි.

වාම දේශපාලන ව්‍යාපාරයේ කැපී පෙනෙන පුද්ගලයකු වූ ඔහු පූර්ණ කාලීන වෘත්තීය සමිති නායකයකු බවට පත්වෙන්නේ ගුවන් විදුලියෙන් සමු ගැනීමත් සමඟය.

dfer3

එච්. ඒ. ගේ මුල් ම මුද්‍රිත කෘතිය නිකුත් වෙන්නේ 1966 දී ය. ඒ නිද්‍රා ගීතය නමින් වූ කෙටිකතා සංග්‍රහයකි. ඒ වන විට හේ සේවය කළේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ය. ඔහුට ඇසුරට ලැබුණේ නිර්මාණ ලොව එළි කරන්නට උපස්ථම්භක වූ සද් පිරිසකි. සත්ජන ඇසුර තරම් පුද්ගලයකුට තවත් සරසවියක් නැත.

එකල්හි ගුවන්විදුලිය එවන් පිරුණු මිනිසුන්ගෙන් පිරුණු තැනකි. එච්. ඒ. ට මේ නිර්මාණ ලොව දැවැන්තයන්ගේ ඇසුර ලැබෙන්නේ ගුවන්විදුලියේදී ය.

මහගමසේකර, මඬවල එස්. රත්නායක, දයානන්ද ගුණවර්ධන, සුනන්ද මහේන්ද්‍ර ආදීන් නිතර ඇසුරු කිරීමේ භාග්‍ය ලද ඔහු එයින් ලද පන්නරයත් සමඟ නිද්‍රා ගීතය මුද්‍රණයෙන් නිකුත් කරන්නේ ය.

zxvsdfer

එච් ඒ සාහිත්‍යයෙන් දේශපාලනය ඉවත් වීම අනුමත කෙරූවකු නොවේ. දේශපාලන යථාර්ථය යනු සමස්ත සමාජයේ ම පිළිබිඹුවක් බැව් සත්‍යයකි. ඔහු පෙනී සිටියේ එවැන්නක් වෙනුවෙනි. බොහෝ ලේඛකයන් මෙන් ඔහු සිය නිර්මාණ දේශපාලන සටන් පාඨවලින් පුරවන්නට සිතුවේ නැත. සාහිත්‍යකරුවාගේ පෙනී සිටීම කවරාකාර විය යුතු ද යන්න ගැන ඔහු නිරන්තරයෙන් සවිඥානික විය. දේශපාලනික මතවාද කෙරෙහි වඩාත් නැඹුරුවක් දැක්වුව ද හේ සිය නිර්මාණ ඇතුළට ඒවා ගෙඩි පිටින් පුරවන්නට උත්සාහ නොකළේ ඒ නිසා ය. යථාර්ථවාදී ප්‍රවේශය ඔහුගේ ඥානනය පුළුල් කළේ සාහිත්‍යකරණයේ හා සාහිත්‍යකරුවාගේ වන වගකීම මොනවට සඵට කරමිනි.

එච් ඒගේ කෘති අතර බොහෝ පාඨක විචාරක අවධානය දිනාගත් කෘතියක් වූයේ 1970 දී නිකුත් වූ පවන් සලන ලෙස කුසගිනි නිවේවා කෘතියයි. 71 කැරැල්ලට ඉතා ආසන්න කාල වකවානුවක බිහි වුණු මේ කෘතියෙන් කියැවෙන්නේ පීඩිත පන්තියේ තරුණ පරම්පරාවේ ඛේදවාචකයයි. පුපුරා යන්නට ඔන්න මෙන්න තිබූ ගැටලුවක ලේඛක මැදිහත් වීමට ලැබුණු ප්‍රතිචාර අතිමහත් ය. තරුණ පරම්පරාවේ නොමඳ ආකර්ෂණයට ලක් වූ එච් ඒ ට හිර ගෙදරදී පවා හමු වුණේ මේ පොත කියැවූවන් ය.

(උපුටා ගැනීම් : සිළුමිණ -සුමුදු චතුරාණී ජයවර්ධන)

 

සබැඳි ලිපියක් :
වාමවාදී ලේඛකයකුගේ දිවිසැරිය

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image