මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු දේශපාලනඥයකු අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ

ට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඔහුට රුපියල් 20000/-ක දඩයක්ද ඊයේ (25) නියම කළාය.

නීතීය ඉටු කරන ආයතනයක ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වු විත්තිකරු යටතේ රාජකාරී කරන නිලධාරියකුට බලපෑම්  කිරීම ඉතාමත් බරපතල කාරණයක් බව පෙන්වා දෙමින් මෙවැනි බලපෑම් කිරරීමට බලාපොරොත්තු වන අනෙකුත් නිලධාරීන්ටද පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කළ ඉල්ලීමක් සළකා බැලු විනිසුරුවරිය විත්තිකරුට එලෙස දඬුවම් නියම කළාය.

රත්නපුර පළාත් බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෙම අපරාධය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට මෙලෙස දඬුවම් නියම විය.

මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු ප්‍රේමලාල් ජයසේකර හෙවත් “චොක මල්ලී” නමැත්තා අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි ලලිත් රාජමන්ත්‍රී ට බලපෑම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.

(lankadeepa.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්