තම රජයක් යටතේ අයි. එම්. එෆ්. ගිවිසුම නැවත සංශෝධනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

අයි. එම්. එෆ්. සමග ගිවිසුම් ඇති කර ගන්නේ ටයිකෝට් ඇද රජ මැදුරුවල සුරසැප විඳින පාලකයන්ගේ හා සුපිරි පොහොසතුන්ගේ වුවමනාවට නොව ලක්ෂ 220ක් වූ ජනතාවගේ වුවමනා පිළිබඳ අවධානය යොමු කරමින් බවත් විපක්ෂනායකවරයා පැවසීය.

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම සමගි ජන බලවේග රජයක් යටතේ වැඩ කරන ජනතාවට හා පොදු ජනතාවට ගැලපෙන ලෙස වෙනස් කරන බවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී දැනුම් දුන් බවත් සක්වල වැඩසටහන යටතේ දඹුල්ල අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කීවේය.

මේ රට වර්තමානයේ ඇති තත්ත්වයෙන් ගොඩ ගත හැක්කේ කියුබාවෙන් හෝ අනෙකුත් උග්‍ර සමාජවාදී රටවලින් සහාය ලබා ගෙන නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, යුරෝපා හවුල, එක්සත් රාජධානිය, ඉන්දියා, චීනය වැනි රටවල් සමඟ අපේ රටට හිතැති ජනතාවට බලපෑමක් නොවන ගිවිසුම් මඟින් බවත් එහි දී වත්මන් රජය අනුගමනය කළ තමන්ට හිතවත් කෝටිපතියන්ට සහන ලබා දෙන ගිවිසුම්වලට නොයා ජනතාවගේ පැත්තෙන් වාසියක් වන ගිවිසුම්වලට එළැඹෙන බවත් ඒ සදහා සමගි ජන බලවේගයට පුළුල් දැක්මක් හා අරමුණක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image