අලුත් ආණ්ඩුවට දින 60 යි ජනතා අප්‍රසාදය 60% යි

රන්ජන්ගේ පාර්ලිමේන්තු කතාව අවසන් වුණේ හඬපට ලීක් කිරිල්ල අවසන් කරමින්ය. දැන් තහවුරුව ඇත්තේ රජයේ රස පරීක්ෂකටත් හොයාගන්න බැරි තරමට හඬපට විකෘතිවී ඇති බවය. දැන් රන්ජන් රේකොඩින් හරහා

අරවා අල්ලනවා මේවා අල්ලනවා කියූ උදවිය මීක් නැත. නැතිනම් ආණ්ඩුවත් ආණ්ඩුවට ආශීර්වාදයක් කියා සිතා හඬපට ලීක් කළ උදවියත් ලීක් කර ගැනීමෙන් වැඩේ අවසන් වූවා කිව්වොත් කතාව නිවැරදිය.
යහපාලන ආණ්ඩුවේ වැරදි අල්ලයි කියා සිතුවත් එයත් නැත. ආදර්ශමත් ආකාරයට රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කරයි කියා සිතුවත් එයත් අවසන් වෙමින් ඇත්තේ විකාර නාඩගමකින්ය. ගෝඨාභය ජනාධිපතිගේ වියත්මගේ උගතුන් කියන උදවියත් මහින්ද අගමැතිගේ පොළව දන්නා කියන උදවියත් මහ මැතිවරණයේදී මන්ත්‍රී වෙන්න හිතාගෙන එළිපිට මරා ගනිමින් සිටියි.

ඉවත් කරනවා කියූ ඉන්ධන මිල සූත්‍රයද වෙනසක් වුණේ නැත. රට හරහා ඇමරිකානු තාප්පයක් ඉදිවන බව කියූ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කිරීමට දන්නා හැම ශිල්පයම දාන්න ආණ්ඩුවට සිදුව ඇත. එළවලු හාල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අහස උසට යන අතර එයවත් පාලනය කරගන්න ආණ්ඩුවට නොහැකිව ඇත. දුරදිග නොබලා සිදුකල වැට් ඇතුළු බදු සංශෝධන හමුවේ රාජ්‍ය ආදායමට තට්ටුවී ඇත. ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතන ලංකාවේ මට්ටම පහත දමා ඇත.

නොමිලේ දෙනවා කියූ පොහොර ටික තියා කලින් ආණ්ඩුව දුන්න සහන ටිකවත් දීගන්න ආණ්ඩුවට නොහැකිව ඇත. බලය ලැබූ විගස බැඳුම්කර හොරු අල්ලනවා කිව්වද, ඒ සම්බන්ධ ජාත්‍යන්තර වෝහාරික විගණන වාර්තාව පවා ඔප්පු කලේ, මේ ආණ්ඩුවේ ඉන්න ආර්ථික උපදේශකයන් ඊට වඩා බැඳුම්කර හොරු බවය. දැන් බැඳුම්කරය යන්න ආණ්ඩුවේ උදවියගේ ශබ්ද කෝෂයේත් නැත. බැලූ බැලූ පැත්තේ දකින්නට ඇත්තේ ආණ්ඩුවේ බැරි බැරියාවය. නොහැකියාවය. අකාර්යක්ෂමතාවය.

ආණ්ඩුව තවත් ආමාරුවේ වැටුණේ පසුගියදා එළිදැක්වුණු මාස දෙකේ ආණ්ඩුවේ ජනතා රුචිය ගැන වූ සමීක්ෂණ ප්‍රතිඵලය නිසාය. එයින් හෙළිවන ප්‍රධාන කරුණ වන්නේ ගතවූ මාස දෙකක කාලය තුල ආණ්ඩුව සම්බන්ධ ජනතා කැමැත්ත විශාල වශයෙන් පහත බැස ඇති බවය.

ක්‍ෂෙත‍්‍ර ගණනාවක් යටතේ මෙම සමීක්‍ෂණය කර ඇති අතර ආණ්ඩුව හොද බවට පවසන පිරිස 44% සීමාව දක්වා පහත බැස ඇති බව එම සමීක්‍ෂණයේදී අනාවරණය වී ඇත. ඉතිරි 56% ආණ්ඩුවේ ක‍්‍රියාපිලිවෙත අනුමත නොකරන හා අදහසක් පල කර නොමැති පිරිසය.

ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය හොද යයි පවසා ඇත්තේ 19%ක්ය. එනම් සියයට 81ක් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධය. ආයතනවලට පත් කල පුද්ගලයන් හොද බව කියන්නේ 30%ක් ය. ඒ කියන්නේ සියයට 70ක් එම පත්කිරීම් ගැන එකඟ නොමැති බවය. ජීවන වියදම අඩු කල බව කියන්නේ 17%ක් ය. ඒ කියන්නේ සියයට 83ක පිළිගැනීම ආණ්ඩුව ජීවන වියදම පාලනය කිරීමට අසමත්වූ බවය.

සාමාන්‍යයෙන් ආණ්ඩුවක් බලයට පත්ව මුල් දින සියය කියන්නේ එහි ජනප්‍රියතාවේ ඉහලම අවස්ථාවය. එහෙත් මේ ආණ්ඩුවේ මුල් දින හැට කියන්නේ ජනප්‍රියතාව නැත්තටම නැතිව යන බව ඔප්පු කල කාලයක්ය. ආණ්ඩුවේ ඇතමුන් මේ බැරිබැරියාව වහ ගන්න යන්නේ තුනෙන් දෙකක බලයක් නැති නිසා කියාය. එහෙත් දින හැටේ සමීක්ෂණ ප්‍රතිඵලය ඔප්පු කර ඇත්තේ ගෝඨාභය ජනාධිපති කරන්න ජන්දය දුන්න පිරිසෙන් සියයට 60ක් දින 60ක් තුළ ඇත්ත අවබෝධ කරගෙන ඇති බවය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්