ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන ආකාරයේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය හරහා
සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් 'ජෝතිෂ්‍යවේදී' ඉන්දික තොටවත්ත ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පරිගණක අපරාධ කොට්ඨාසය අද (06) දිනයේ කළ කැඳවීමකින් අනතුරුව මොහුව අත්අඩංගුවට ගෙන තිබිණ.
අනතුරුව සැකකරු අද පස්වරුවේ මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් බාරයට නියම කළාය.
නබිනායකතුමා සම්බන්ධයෙන් කළ මෙම ප්‍රකාශය පිළිබඳව ජමෙයිතල් උළමා සංවිධානයේ සභාපති ඇතුලු පාර්ශව 12 ක් කළ පැමිණිලි වලට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.