රාජ්‍ය සේවකයින්ට බියෙන් සැකයෙන් හා පක්ෂපාති භාවයෙන් තොරව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය

බලධාරීන් විසින් නිර්මාණය නොකරන්නේ නම් ඒ තුළින් දූෂණය හා අකාර්යක්ෂමතාවයක් සහිත රාජ්‍ය සේවයක් නිර්මාණය වීමට මග පෑදෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (ඔක්තෝම්බර් 6 වැනිදා) අවධාරණය කළේය.

දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට අදාළ නඩුවේ දී අසත්‍ය සාක්ෂි හඳුන්වා දුන්නේ යැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුරෙයිරාජා ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මේ බව සඳහන් කර තිබේ.

තමන්ව අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව සිය වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් ගත් තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ප්‍රියන්ත ජයවර්ධන, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

පෙත්සම්කාර පොලිස් පරීක්ෂකවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් පෙත්සම්කරුට රුපියල් මිලියනයක වන්දියක් මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වෙයි.

පෙත්සම්කරුට නීතියෙන් හිමි විය යුතු සියලූ වැටුප් වර්ධක, දීමනා හා උසස්වීම් සියල්ල අතීතයට බලපාන පරිදි ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

shaniශානි අබේසේකර සහ සුදත් මෙන්ඩිස්  (ජායා - colombotelegraph.com)



'තේමා පාඨයට අනුව කටයුතු කරන්න'

පොලිස් දෙපාර්තමේන්තුවේ තේමා පාටය වන" ධම්මේ භවේ රක්ඛති ධම්මචාරී" යන පාඨයට අනුව කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව වගබලාගත යුතු යැයි සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුරෙයිරාජා, මෙම සිද්ධියේදී වගඋත්තරකරුවන් පෙත්සම්කරුගේ ස්වභාවික යුක්ති ධර්මය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවට දැඩි දෝෂ දර්ශනයට ලක් කර සිටියේය.

රාජ්‍ය සේවකයින්ට බියෙන් සැකයෙන් හා පක්ෂපාති භාවයෙන් තොරව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය බලධාරීන් විසින් නිර්මාණය නොකරන්නේ නම් ඒ තුළින් දූෂණය හා අකාර්යක්ෂමතාවයක් සහිත රාජ්‍ය සේවයක් නිර්මාණය වීමට මග පෑදෙන බවත් විනිසුරු තුරෙයිරාජා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, රත්නපුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු ජගත් බාලපටබැඳි ඇතුළු කොමිසමේ සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබුණි.

මෙහිදී පෙත්සම්කාර සුගත් මෙන්ඩිස් වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.

(BBC සිංහල සේවය)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්