චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා වෛරසය වැළඳුනහොත් සුදුසුම දේ චීනයේම සිටීම බව

චීනයේ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ‘මා චුන්ග් වූ’ සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට වඩා ඉහළම වෛද්‍ය ප්‍රතිකාර චීනයේ ඇති බවද ඔහු සඳහන් කළේය.

දැනට වෛරසය පාලනය කිරීම 80% ක පමණ සාර්ථකත්වයක් ඇති බවත් ඉදිරි කෙටි කාලයේදී එය සම්පුර්ණයෙන්ම පාලනය කරනු හැකි බවත් ඔහු පැවසීය.

මෙම වෛරසයට ශ්‍රී ලංකාවට වඩාත් ඉහල වෛද්‍ය පහසුකම් තිබෙන නිසා හොඳම දෙය චීනය තුල සිටිනා තැන සිටීම ද ඔහු තව දුරටත් කියා සිටියේය.

 

‘වූහාන් හි සිසුන් ගෙන්වා ගන්න විදියකුත් නැහැ - ඇමති සුසිල්

Susil Premjanthaමේ අතර ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (28) පැවසුයේ, කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයට ඇතුලූවීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොදෙන බැවින් එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනා මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී තිබෙන බවයි.

ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව හා ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සම්බන්ධයෙන් බීජිං නුවර පිහිටි මෙරට තානාපති කාර්යාලය හා එරට එරට බලධාරීන් නිරන්තරයෙන් සොයා බලන බවද ඔහු කීය.

එහෙත් වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකිකයන් 557 දෙනාගෙන් 204 දෙනෙකු මේ වනවිට මෙරටට පැමිණ සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඉතිරි පිරිස ද කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද සඳහන් කළේය.

 

වුහාන් සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් දියතලාවට!!!

ඒ අතර නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවසුයේ, චීනයේ වුහාන් සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් දියතලාවේ පිහිටි යුධ හමුදා කඳවුරේ පිහිටි විශේෂිත ස්ථානයකට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත පියවර ගෙන ඇති බවයි.

වුහාන් සිට පැමිණෙන මෙම ශ්‍රී ලාංකික සිසුන් සති දෙකක පමණ කාලයක් එලෙස දියතලාව හමුදා කඳවුරේ නතර කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී සඳහන් කළාය.

චීනේ වගේ පහසුකම් අපට නැහැ කොරෝනා ගැන පවිත්‍ර මාධ්‍යට කිව්ව කතාව

 

text 29 1රජයේ තීරණය ගැන බදුල්ලේ වෛද්‍යවරුන් තිගැස්සේ : 

චීනයේ වුහාන් සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් සහ සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු දියතලාවට රැගෙන ඒම කුමන පදනමක් යටතේ සිදු කරන්නේද යන්න තමන්ට සිතා ගැනීමට නොහැකි බව බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඊයේ (28) බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙකු දියතලාවට රැගෙන ඒමෙන් පසු රෝගී තත්වයකට පත්වුවහොත් එම රෝග පරීක්ෂා කිරීම සඳහා පහසුකම් මෙම ප්‍රදේශයේ ඇති විශාලතම රෝහල වන බදුල්ල පළාත් මහ රෝහලටවත් නොමැති බවත් එවැනි තත්වයක් මත නැවතත් එම රෝගියා පරීක්ෂණ කටයුතු වෙනුවෙන් නැවතත් කොළඹට රැගෙන යාමේදී ගැටළු රාශියකට මුහුණදීමට සිදුවන බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ එහිදී පැවසීය.

දියතලාව යුද හමුදා කඳවුරේ හමුදා නිලධාරීන් සිටින ස්ථානයක් වුවද එම ස්ථානයේ සිටින වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය මෙවනි වසංගතයක් පැතිරීයාම නතර කිරීමට ප්‍රමාණවත් නොමැති බවත් එමෙන්ම මෙම යුද හමුදා කඳවුර අවට නිරෝගී ජනතාවක් වෙසෙන අතර මෙවනි වෛරසයක් ආසාධිත පිරිසක් රට කෙළවරේ සිට රට මැදට රැගෙනවිත් තවත් ගැටළුවක් ඇති කිරීම වැළැක්වීමට බලධාරීන් නිසි තීන්දු තීරණ ගත යුතු බවත් බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ තවදුරටත් සඳහන් කළේය.

 

කොළඹ චීන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

කොළඹ චීන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

මේ අතර කොළඹ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී සිටින්නේ, කොරෝනා වෛරසයෙන් පීඩාවටපත් චීනයේ හුබෙයි පළාත ඇතුළු ප්‍රදේශවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ සැලසුම් ඇති සංචාරකයින්ට එම සැලසුම් කල්දමන ලෙස හෝ අවලංගු කරන ලෙසටය.

කොරෝනා වසංගත තත්ත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇති චීන බලධාරීන් එය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා උපරිම පියවර ගෙන තිබෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.

චීන තානාපති කර්යාලය ද ශ්‍රී ලංකාවේ අදාළ දෙපාර්තමේන්තුව සහ රජයේ ආයතන සමඟ පුර්ණ සහයෝගයෙන් කටයුතු කර ඵලදායී පුර්වෝපායන් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව සහ එහි ජනතාව වසංගතයෙන් ආරක්ෂා කිරීමට හැකි සෑම උත්සහයක්ම දරන බවද එහි සඳහන් වේ.

ඒ අනුව,

1, වසංගත නිසා වැඩි අවදානමට ලක්ව ඇති හා වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති චීනයේ නගරවලට අතුළුවීම සහ පිටවීම චීන රජය විසින් තාවකාලිකව නවතා ඇත.

2, කණ්ඩායම් වශයෙන් සිදු කරනු ලබන සංචාරයන් (outbound group) චීනය විසින් අත්හිටුවා ඇත.

3, චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක කණ්ඩායම් සම්බන්ධයෙන් මනා අවදානයෙන් පසුවන චීන රජය සැක සහිත උණ රෝගීන් පිළිබඳව වාර්තාකර ඔවුන් හැකි ඉක්මනින් රෝහල් ගත කිරීමට, කණ්ඩායමේ අනෙකුත් සමාජිකයින්ගෙන් සංචාරයෙන් වැලකී නිරෝධායන ක්‍රියාවලියට ලක්වන ලෙස ඉල්ලා සිටීමටත් කටයුතු කර ඇත.

4, චීන තානාපති කාර්යාලය උණ රෝගීන් සහ රෝගීන් සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා බලධාරින්ට ලබා දී තිබේ.

5,වසංගතයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණි ඇති සංචාරකයින්ගෙන් ඔවුන්ගේ සැලසුම් අවලංගු කර ජනාකීර්ණ ස්ථාන වල ගැවසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින නිවේදනය කඩිනමින් චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇත.

6, හුබෙයි පළාත ඇතුළු වසංගත රෝගයට ගොදුරු වු ප්‍රදේශවල සිට ශ්‍රී ලංකාවට පැමිණිමේ සැලසුම් ඇති සංචාරකයින්ට එම සැලසුම් කල් දමන ලෙස හෝ අවලංගු කරන ලෙස චීන තානාපති කාර්යාලය උපදෙස් ලබා දී තිබේ.

 

සබැඳි පුවත් :

කොරෝනා වෛරසය : ලංකාවේ ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් !

‘වූහාන් හි සිසුන් ගෙන්වා ගැනීමට නොහැකි තත්වයක් ! - ආවත් වහාම හමුදා කඳවුරට !

ලංකාවෙන් කොරෝනාවෛරස් ආසාදිතයෙක් හමුවෙයි! - ආගිය තැන් සොයා ගැනේ !
 
කොරෝනා වෛරසය : චීනයේ සිටින ලාංකික සිසුන් මුහුණදී සිටින තත්වය මෙන්න

කොරෝනා වෛරසය : චීනය දින හයක් තුළ දැවැන්ත රෝහලක් ඉදිකරන හැටි මෙන්න ! -(BBC පුවත්)

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්