නසීර් අහමඩ් ඇමතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී

කටයුතු කරන මන්ත්‍රීවරුන්ට කිසිසේත් බලපෑමක් නොවන බව නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් අද (9) පැවසීය.  

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසුයේ, නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (9) පැවැති මාධ්‍ය හමුවේදී ය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජන මතයක් සහිතව එම ක්‍රියාවලිය කළ යුතු බවත් නැගී එන මහජන විරෝධය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ගෙන ආ බවත් පීරිස් මෙහිදී පැවසිය.


''පොලිස්පතිවරයා පත් කිරීම ප්‍රමාද කිරීම ගැටලු සහගතයි''

වර්තමාන රටේ නීතිය අවනීතිය බවට ඇති මොහොතක පොලිස්පතිවරයා පත් කිරීම ප්‍රමාද කිරීම ගැටලු සහගත බවත්, එය සාමාන්‍ය ජන ජීවිතයට ඍජුවම බලපාන බවත් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල් .පීරිස් සඳහන් කළේය.

C.D.වික්‍රමරත්න පොලිස්පතිවරයාගේ දෙවෙනි සේවා දිගුවත්  අදින් අවසන් වන බවත්, රජයේ අභ්‍යන්තර කඹ ඇදීම හේතුවෙන් පොලිස්පතිවරයා පත් කිරීම ප්‍රමාද කරන බවත් ඔහු කීය.



2024 සැප්තැම්බර් මාසයට කලින් ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත්, එහි නීති තත්වය පැහැදිලි බවත් මහාචාර්යවරයා අවධාරණය කළේය. විධායක ධුරය අහෝසි කරන්නට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජන මතයක් සහිතව එම ක්‍රියාවලිය සිදු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.



වත්මන් ආණ්ඩුවට විරුද්ධව නැගී එන මහජන මතය නිහඬ කිරීම සඳහා යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත ගෙන ආ බවත්, එමගින් පිහිටුවන ස්වාධීන කොමිෂන් සභාව, ව්‍යවස්ථාදායක සභාවට වග නොකියන දේව බලයක් හිමි යන බවත් පැවසු මහාචාර්ය වරයා, මෙම යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත සම්මත වුවහොත් වූ තාක්ෂණික දැනුම අවුරුදු 30කට ආපස්සට යන බවත් සඳහන් කළේය.

නැගී එන මහජන විරෝධය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ගෙන ආ බවත්, එය සම්මත වුවහොත් අවම තත්වයේවත් ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති වන බවත් ඔහු අවධාරණය කළේය. 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්