පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වි ඇති බැවින් ඒ අනුව අදාල පුරප්පාඩුව පිරවීම
සඳහා කටයුතු කරන ලෙස දන්වමින් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.
'නෙත් නිවුස්' කල කරුණු විමසුමකදි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර පවසා ඇත්තේ, නීතිපති දෙපාර්තුමේන්තුව මඟින් ලබා දුන් උපදෙස් අනුව තමන් මැතිවරණ කොමිසම වෙත ඊයේ (09) එම දැනුම් දීම සිදු කල බවයි.
මේ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකළපුව දිස්ත්‍රික් ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා මැතිවරණ කොමිෂන් සභාව විසින් එම පුරප්පාඩුවට පත් කරනු ලැබීමට නියමිතය.
නසීර් අහමඩ්ගෙන් පසු එම ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අලි සහීර් මවුලානාය.
නව මන්ත්‍රීවරයා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද හෙටම නිකුත් කරනු ලැබීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීන්දු කළේය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව නසීර් අහමඩ් ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ගියේ ඒ අනුවය.
'නෙත් නිවුස්' මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් කල විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.