පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබල රටවල රහස් පරීක්ෂක කණ්ඩායම් ලබා දී ඇති බවට විදේශීය මාධ්‍ය හමුවේ පැවසු වාර්තා තමන් වෙත ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ කතෝලික නායකත්වය

ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඔක්තෝබර් 6 වැනිදා යොමු කළ ලිපියක් මගින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව දන්වා සිටින්නේ ජර්මනියේ ‘ඩොයිෂ් වෙල’ (Deutsche Welle) මාධ්‍ය ආයතනය වෙත එම තොරතුරු හෙළි කරන තෙක් තමන් හෝ රට වැසියන් ඒ බැව් දැන නොසිටි බවයි.

"මධ්‍යම  විමර්ශන කාර්යාංශය (FBI), බ්‍රිතාන්‍යය පොලීසිය, ඕස්ට්‍රේලියානු, ඉන්දියානු, චීන සහ පකිස්ථාන රහස් පරීක්ෂක කණ්ඩායම් එම ප්‍රහාරය පිළිබඳ වාර්තා ලබා දී ඇති බව ඔබතුමා එම සම්මුඛ සාකච්ඡාවේ  වැඩිදුරටත් සඳහන් කරයි."

 එකී ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාවල පිටපත් ද තමන් සමඟ බෙදාගන්නේ නම් එය අගය කොට සලකන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ලෙස රදගුරු හිමිවරුන් 12 දෙනෙකු සහ සහයක රදගුරු හිමිවරුන් දෙදෙනෙකුගේ ද අත්සන් සහිතව යොමු කර ඇති ලිපිය මගින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සහා වාර්තාවේ සියලු වෙලුම් කතෝලික රදගුරු සමුළුව වෙත ලබාදීම පිළිබඳව ද ජනාධිපතිට ස්තුතිය පුද කර තිබේ.

“කතෝලික රදගුරු සංගමයේ ගරු සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් 88ක් සහ පිටු 48,909කින් යුතු සියලුම ලියකියවිලි 2023 අප්‍රේල් මස 20 වන දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී හිමිපාණන්ට භාර දෙන ලදැ,” යි ජනාධිපති මාධ්‍ය ඒකකයද තහවුරු කර තිබුණි.
 
රදගුරු සමුළුව පවසන්නේ එම වෙළුම් සියල්ල අධ්‍යයනය කරමින් ඉන්නා බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව තමන් කාදිනල් හිමිපාණන් සමඟ ගනු දෙනු නොකරන බවත්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සමඟ සාකච්ඡා කළ බවත් ජර්මනියේ ‘ඩොයිෂ් වෙල්’ මාධ්‍ය ආයතනය සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබුනි.

සභා නායකත්වයේ බෙදීමක් ඇතිබවක් අඟවන එම ප්‍රකාශය සම්බන්ධයෙන්ද ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇත්තේ කාදිනල් හිමිපාණන්, හුදකලා පුද්ගලයකු නොව, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව හා සමඟ පූර්ණ ලෙස බැඳුණු සහ වඩාත්ම වැදගත් සාමාජිකයකු බවයි.


 "කාදිනල් හිමිපාණන්, කොළඹ අගරදගරු හිමිපාණන් ලෙස හුදකලා වු අයකු නොව, ශ්‍රී ලංකා කතෝලක රදගුරු සමුළුව හා සමඟ පූර්ණ ලෙස බැඳුණු සහ වඩාත්ම වැදගත් සාමාජිකයකු බව මෙහි ලා සඳහන් කළ යුතුය. එහෙයින්, ඔබතුමන් කාදිනල් හිමිපාණන් පිළිබඳව කරනු ලබන ඕනෑම සඳහනක් කතෝලික රදගුරු සමුළුවේ සාමුහිකත්වයට සිදුකරන හානියකි."

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිගේ සහ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ උප සභාපති, ත්‍රිකුණාමලය රදගුරු නොයෙල් ක්‍රිස්ටියන් එම්මානුවෙල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ මහ ලේකම් සහ කොළඹ සහයක රදගුරු ජේ.ඩී.ඇන්තනී ජයකොඩි හිමි, කොළඹ, රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමි, මහනුවර රදගුරු හා හලාවත අපෝස්තලික පරිපාලක රදගුරු දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමි, අනුරාධපුර රදගුරු නෝබට් එම්. අන්ද්‍රාදි නි.ම.නි. හිමි, සා.බෙ.නි. හිමි හා රත්නපුර රදගුරු ක්ලීටස් සී. පෙරේරා හිමි, මන්නාරම් රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු හිමි, ගාල්ල රදගුරු රේමන්ඩ් කේ, වික්‍රමසිංහ හිමි, යාපනය රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් හිමි, මඩකලපුව රදගුරු ජෝශප් පොන්නයියා හිමි, බදුල්ල රදගුරු ජූඩ් නිශාන්ත සිල්වා හිමි, කොළඹ සහයක රදගුරු පී. ඇන්ටන් රංජිත් හිමි, කොළඹ සහයක රදගුරු මක්ස්වල් ජී. සිල්වා හිමියන්ද අත්සන් තබා තිබේ.
 

සබැඳි ලිපිය
ජනපති සහ ජර්මනියේ Deutsche Welle සාකච්ඡාවේ සිංහල පරිවර්තනය මෙන්න

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image