නසීර් අහමඩ් ගේ මන්ත්‍රීධූරය අහිමිවීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රීධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
අලි සහීර් මවුලානා පත්කරන බවට සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද නිකුත් කරනු ලැබීය.
මේ අනුව ඔහු කතානායකවරයා ඉදිරියේ ලබන සතියේ දිවුරුම් දීමට නියමිතය.
අලිසහීර් මව්ලානා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය යටතේ මඩකපුව දිස්ත්‍රික්කයෙන් පසුගිය මහා මැතිවරණයට තරග කර පරාජිත ලැයිස්තුවේ ඉහලම මනාප ලබාගෙන සිටියේය. ඒ අනුව, අලි සහීර් මවුලානා මඩකළපු දිස්ත්‍රික් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස ලයිස්තුවේ ඊළඟට සිටි අපේක්ෂකයාය.
හිටපු පරිසර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් ගේ එම මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය (9) වැනිදා දැනුම් දුන්නාය.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීන්දු කළේය.
ඒ අනුව, ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි විය.
නසීර් අහමඩ් ගෙන් හිස්වන පාර්ලිමේන්තු අසුනට පැමිණීමට නියමිත අලිසහිර් මවුලානා ට ජෙෂ්ඨත්වය අනුව විපක්ෂයේ අසුන් පැනවීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.