පලස්තීන - ඊශ්‍රායල් යුද ගැටුම හා විශේෂයෙන් සිවිල් ජනයා ඝාතනය කිරීම සම්බන්ධ විරෝධය දක්වමින් ජන අරගල ව්‍යාපාරය කැඳවූ ඒකාබද්ධ විරෝධතාවයට පෙරටුගාමී

සමාජවාදී පක්ෂය සහභාගි ව සිටියේය.  

පලස්තීනයට එරෙහි යුද්ධය වහා නවතනු!
ඇමෙරිකානු-ඊශ්‍රායල ලේ පිපාසිත යුධකාමය හෙලා දකිමු!
ඊශ්‍රායල්-පලස්තීන සිවිල් වැසියන් ඝාතනය හෙලා දකිමු!
නිදහස් පලස්තීනය පිළිගනු!


යන තේමාවන් ඔස්සේ ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ඒකාබද්ධ උද්ඝෝෂණයක් කොළඹ, තුම්මුල්ල හන්දියේ එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිට ඊයේ (16) සවස පැවැත්විණි.

දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් ගණනාවක් සහභාගී වූ එම උද්ඝෝෂණයේදී ජනඝාතක යුද්ධයක් ඇතිවීම සහ පලස්තීනය ආක්‍රමණය කිරීම වැලැක්වීමට වහාම මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින ලදී.

lkun 23lkun 24lkun 25
ගාසා තීරයට මානුෂීය කොරිඩෝවක් විවෘත කරන ලෙස කැනඩා අගමැති ඉල්ලයි

palas 190
ගාසා තීරයට මානුෂීය කොරිඩෝවක් විවෘත කරන ලෙස කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඉල්ලා තිබේ.

මිලියන 2.3ක ජනකායක් වෙසෙන ගාසාහි භයානක තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින අතර, එය විසඳීම සඳහා හදිසි උපකාර අවශ්‍ය බව ඔහු පැවසීය.

ඊශ්‍රායලයට තම ආරක්ෂාව සපයාගැනීමට ඇති අයිතියට කැනඩාව සහාය දෙන නමුත්, "යුද්ධවලට පවා නීති තියෙනවා"යි ඔහු පැවසීය.

"ත්‍රස්තවාදය කිසිවිටෙක සාධාරණීකරණය කළ නොහැකියි, ඒ වගේම හමාස්හි ත්‍රස්ත ක්‍රියාවන් කිසි විදියකින් සාධාරණීකරණය කිරීමට නොහැකියි. ...හමාස් සංවිධානය පලස්තීනයේ ජනතාව හෝ ඔවුන්ගේ නීත්‍යානුකූල අභිලාෂයන් නියෝජනය කරන්නේ නැහැ," ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ගාසා තීරයට මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයෙන් එරට රජයට සහතිකයක් ලැබී ඇතැ යි පැවසුවේ ය.

ඔහු ප්‍රකාශ කළ පරිදි, ‘පලස්තීන සිවිල් වැසියන් හානි සිදුවීමෙන් ඈත්කර තබා ගැනීම’ සඳහා විශේෂ ප්‍රදේශයන් නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳව ද දෙරට සාකච්ඡා කරමින් සිටියි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බදාදා (ඔක්. 18වැනිදා) ඊශ්‍රායලයේ සංචාරය කිරීමට ද නියමිත ය.

මේ අතර, මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම්, තමා "පලස්තීන ජනතාවට මැලේසියාවේ නොසැලෙන සහයෝගය [ලබාදෙනබවට]" හමාස් සංවිධානය වෙත යළි ප්‍රකාශ කළ බව පවසයි.

හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානී ඉස්මයිල් හනියේ සමග දුරකථන සංවාදයක් පැවැත්වූබව ද ඊබ්‍රහිම් පැවසීය.

"ගාසා තීරයේ පවතින භයානක තත්ත්වය සැලකිල්ලට ගෙන, බෝම්බ හෙළීම වහාම නැවතීමටත්, රෆාහි මානුෂීය කොරිඩෝවක් පිහිටුවීමටත් මා දැඩිසේ පෙනී සිටිනවා," ඊබ්‍රහිම් පෙර ට්විටර් ලෙස හැඳින්වූ Xහි පළ කළේ ය.

palas 191
ඊජිප්තුව සමඟ ඇති රෆා දේශසීමා හරහා ගාසා තීරයට ආධාර යැවීම වෙනුවෙන් සටන් විරාමයක් ක්‍රියාත්මක කරන බවට පළ වූ වාර්තා ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් සටන්කාමීහූ ප්‍රතික්ෂේප කළහ.

ගාසා තීරයට ආහාර, වෛද්‍ය සැපයුම් සහ ඉන්ධන යැවීම සඳහා අවසර දෙන ලෙසට වන ඉල්ලීම් ඉහළ යමින් තිබියදී මෙන්ම, ගාසා තීරයෙන් පිටවීම සඳහා විශාල ජනකායක් රෆා දේශසීමා පිවිසුම් මාර්ගයේ දොරටුව අසළට රැස්ව සිටියද තවදුරටත් එම දොරටුව වසාදමා ඇත.

දකුණු ගාසා තීරයෙන් “විදේශිකයන්ට” පිටවීමට සහ “මානුෂීය ආධාර” ගාසා තීරය වෙත යැවීම සඳහා අද දිනයේ පැය කිහිපයක සටන් විරාමයක් ක්‍රියාත්මක කරන බවට මීට පෙර වාර්තා පළව තිබුණි.

කෙසේවෙතත් ඊශ්‍රායලය මෙන්ම පලස්තීන හමාස් සටන්කාමීන් ද එම වාර්තා ප්‍රතික්ෂේප කළහ.

ඊශ්‍රායලය ගාසා තීරය වෙත ගොඩබිමින් ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ඊට පෙර පලස්තීනුවන් මිලියනයක් පමණ උතුරු ගාසා තීරයේ සිට දකුණට පලා ගොස් ඇතැයි විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණය කළේය.

මේ අතර, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අරාබි රටවල් කිහිපයක සංචාරය යෙදුණු අතර දින කිහිපයක එම රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලින් පසු නැවත සාකච්ඡා සඳහා අද දිනයේ ඊශ්‍රායලයට පැමිණ තිබේ.

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 199ක් සිටින බව ඊශ්‍රායලය පවසයි

පලස්තීන හමාස් සංවිධානය විසින් ඉකුත් 7 වැනිදා එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් මිය ගියහ. ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර ලෙස එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරයේ පුද්ගලයන් 2700කට ආසන්න පිරිසක් මිය ගොස් තිබේ.

හමාස් සංවිධානය ඉකුත් 7 වැනිදා එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායලයෙන් පුද්ගලයින් 199 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගොස් අතැයි, ඊශ්‍රායල් හමුදාව සඳහන් කළේය.

ඒ, මීට පෙර ලබා දුන් දත්ත යාවත්කාලීන කරමින්ය.

ඒ අනුව නව සංඛ්‍යාව මීට පෙර ඔවුන් ප්‍රකාශයට පත් කළ පිරිසට වඩා 44 ක වැඩිවීමකි.

ගාසා තීරයේ රෝහල්වල ඉන්ධන ඉතිරිව ඇත්තේ පැය 24කට පමණයි - එක්සත් ජාතීන්

palas 193
ගාසා තීරයේ රෝහල්වල ඉන්ධන සංචිතය පවතිනු ඇත්තේ තවත් පැය 24ක කාලයකට පමණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

“අතිරේක විදුලි ජනක යන්ත්‍ර වසා දැමීමට සිදුවීමෙන් රෝගීන් දහස් ගණනකගේ ජීවිත අවදානමට ලක්වනු ඇතැයි,” එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය සඳහන් කළේය.

ඒ, ඉන්ධන සහ ජලය ඇතුළු මානුෂීය ආධාර සැපයීම සඳහා ආධාර සපයන ආයතන ගණනාවක් ගාසා තීරයට ප්‍රවේශ වීමට අවසර ඉල්ලා ඇති පසුබිම තුළය.

දේශසීමා විරහිත වෛද්‍යවරුන්ගේ සංවිධානයේ, ගාසා තීරයේ සේවය කරන බ්‍රිතාන්‍ය-පලස්තීන ශල්‍ය වෛද්‍යවරයෙකු වන ගසාන් අබු සිටා අනතුරු ඇඟවූයේ තම රෝහලේ කාර්ය මණ්ඩලයට රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් උපකරණ නොමැති බවයි.

“වෛද්‍ය සැපයුම් ගත්තාහම, මේ හදිසි අවස්ථාවෙහිදී මාසයක් හෝ මාස එකහමාරකට අවශ්‍ය වෛද්‍ය සැපයුම් අපි එක දිනකට භාවිත කරනවා,” ඔහු බීබීසීයට පැවසීය.

උතුරු ගාසා තීරයෙන් පුද්ගලයින් 500,000 ක් පිටව ගොස් ඇතැයි ඊශ්‍රායල් හමුදාව කියයි

ඊශ්‍රායල් හමුදාව (IDF) ඇස්තමේන්තු කරන පරිදි මේ වන විට 500,000 ක පමණ ජනතාවක් උතුරු ගාසා තීරයෙන් පිටව ගොස් ඇති අතර දකුණට යාමට උත්සාහ කරන අයට හමාස් සටන්කාමීන් අපහසුතා ඇති කරන බවට ඊශ්‍රායලය චෝදනා කළේය.

ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් සිවිල් වැසියන් ආරක්ෂිත ඉවත් කිරීමේ මාර්ග දෙකක් පවත්වාගෙන යන අතර, මිලිටරි මෙහෙයුම "මීළඟ" අදියරක් කරා යන විට, සිවිල් වැසියන් ගාසා නගරයේ රැඳී සිටීම අනාරක්ෂිත වනු ඇතැයි ඊශ්‍රායල් හමුදා පැවසීය.

ඊශ්‍රායල් හමුදාව ගොඩබිමින්, ගුවනින් සහ මුහුදෙන් ප්‍රහාරයකට සැලසුම් කරයි

palas 194
ඊශ්‍රායල් ආරක්ෂක අංශ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තම හමුදා භූමියේ මෙහෙයුම් පුළුල් කිරීමට සූදානම් වන බවයි.

ලක්ෂ සංඛ්‍යාත සංචිත භටපිරිස්වල සහාය ඇතිව "ඊශ්‍රායල් හමුදා බලකායන් (IDF) පූර්ණ ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටී", එහි දැක්වෙයි.

ඒ සඳහා කාල රාමුවක් ලබා දී නැත. ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ඊශ්‍රායලය උතුරු ගාසාහි පදිංචිකරුවන්ට ඉන් ඉවත්ව දකුණු ගාසා ප්‍රදේශයට යන ලෙස නියෝග කර තිබේ.

මෙම නව නිවේදනයට අනුව දැක්වෙන්නේ ඔවුන් "ගුවන්, නාවික සහ ගොඩබිම් ප්‍රහාරක හමුදා" සම්බන්ධකර ගනමින් ප්‍රහාරයක් සැලසුම් කරන බවය.

"අත්‍යවශ්‍ය යුධෝපකරණ දැනටමත් අදාළ ස්ථාන වෙත යවා ඇත", "IDF බලඇණි සහ සොල්දාදුවන් උපාය මාර්ගිකව රට පුරා යොදවා ඇත" යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.

පසුගිය සති අන්තයේ හමාස් සටන්කාමීන් දේශසීමා හරහා කඩාවැදී සිවිල් වැසියන්ට සහ සොල්දාදුවන්ට එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,400 කට වැඩි පිරිසක් මිය ගියහ.

ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඊශ්‍රායලය විසින් ගාසා තීරයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පුද්ගලයන් 2700කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි පලස්තීන බලධාරීහු පවසති.

මේ අතර යුරෝපා කොමිසම පැවසුවේ ගාසා තීරය සඳහා තමන් ලබා දෙන මානුෂීය ආධාර වහාම තුන් ගුණයකින් වැඩි කරන බවය.

අපේක්ෂිත ගොඩබිම් ප්‍රහාරයට පෙර ගාසා තීරයේ වැටලීම් ඇරඹූ බව ඊශ්‍රායලය කියයි

palas 196
අපේක්ෂිත ගොඩබිම් ප්‍රහාරයට පෙර ගාසා තීරයේ වැටලීම් කිහිපයක් දැනටමත් ක්‍රියාත්මක කර ඇතැයි, ඊශ්‍රායල හමුදාව පවසයි.

ප්‍රකාශකයෙකු පැවසුවේ "ත්‍රස්තවාදීන් සහ ආයුධවලින් ප්‍රදේශය පිරිසිදු කිරීම" සහ හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයට ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් සෙවීම මෙහි අරමුණ බවයි.

උතුරු ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1 පලස්තීනුවන්ට දකුණු ගාසා වෙත ඉවත් වන ලෙස ඊශ්‍රායලය අනතුරු අඟවා ඇති අතර දහස් ගණනක් ජනතාව වාහනවලින් හෝ පයින් පලා යමින් සිටිති.

ඊශ්‍රායල් අනතුරු ඇඟවීමෙන් පසු උතුරු ගාසා වැසියෝ දකුණු ගාසා වෙත පලා යති

palas 197
උතුරු ගාසාහි වෙසෙන සිවිල් වැසියන් දකුණු ගාසා වෙත යා යුතු බවට ඊශ්‍රායලය කළ අනතුරු ඇඟවීමෙන් පසු සිවිල් වැසියෝ උතුරු ගාසා තීරයෙන් මෝටර් රථ, ට්‍රක් රථවල පිටුපස නැග සහ පාගමනින් පලා යමින් සිටිති.

ඒ, සිවිල් වැසියන්ගේ "ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය" සඳහා පැය 24 ක් ඇතුළත උතුරු ගාසා තීරයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය කළ දැනුම් දීමත් සමගය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඊශ්‍රායලයේ නියෝගය විවේචනය කර ඇති අතර, ඉන් සිදුවිය හැකි මානුෂීය බලපෑම පෙන්වා දී තිබේ.
ඊශ්‍රායල හමුදාව කියා සිටියේ ජනතාව ඉවත් කිරීම සඳහා ලබා දී ඇති කාල රාමුවට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බව තමන් වටහාගෙන ඇති බවයි. මේ අතර, ඊශ්‍රායල් අනතුරු ඇඟවීම නොසලකා හරින ලෙස හමාස් සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

palas 198
ගාසා හි ප්‍රධාන මහා මාර්ගයේ සිය ගණනක් මෝටර් රථ සහ ජනතාව පාගමනින් යති

උතුරු ගාසාහි ප්‍රධාන මාර්ගයේ සිය ගණනක් මෝටර් රථ, යතුරුපැදි සහ ට්‍රක් රථ සහ අධික ලෙස බඩු පටවාගෙන යන වාහන මෙන්ම සමහර මෝටර් රථ මත මෙට්ට ගැටගසා රැගෙන යනු ඇයුරුද දැක ගතහැකි විය.

ඇතැම් මිනිසුන් එළදෙනුන්, ඔටුවන්, බැටළුවන් සහ බූරුවන් රැගෙන ගමන් කරයි.

බොහෝ පවුල් පයින් ගමන් කරමින් සිටින අතර , ඔවුන්ට දැනටමත් කිලෝමීටර් ගණනාවක් පයින් යාමට සිදුවී ඇත.

palas 199
පැය 24ක් තුළ ගාසා තීරයේ උතුරු ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ඊශ්‍රායලය ගාසා වැසියන්ට දැනුම් දෙයි

plas 200
ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ වෙසෙන සියලු දෙනාට දකුණු ප්‍රදේශය වෙත ඉවත් වීමට ඊශ්‍රායලය පැය 24 කාල සීමාවක් ලබා දී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය (ඔක්. 13 වැනිදා) අනාවරණය කළේය.

ඒ අනුව උතුරු ගාසාහි, වඩි ගාසා නගරයට උතුරින් වෙසෙන සියලූ දෙනා දකුණු ගාසා තීරයේ නැවත පදිංචි කරවන ලෙස ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙය ආසන්න වශයෙන් මිලියන 1.1 ක ජනතාවක් බවය. එය ගාසා තීරයේ සමස්ත ජනගහනයෙන් අඩක් පමණ වනු ඇත. බලපෑමට ලක්වන ප්‍රදේශයට ජනාකීර්ණ ගාසා නගරය ද ඇතුළත් වේ.

ගාසා සහ ජෙරුසලමේ වේලාවෙන් මධ්‍යම රාත්‍රියට පෙර, (GMT 23:00) ඊශ්‍රායලය මෙම අනතුරු ඇඟවීම ලබා දී ඇත.

"දැඩි විනාශකාරී මානුෂීය ප්‍රතිවිපාකයක් නොමැතිව එවැනි ක්‍රියාමාර්ගයක් ගත නොහැකි” බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඊශ්‍රායලය ගාසා තීරයේ දේශසීමාව ආසන්නයට සොල්දාදුවන්, බරඅවි, කාලතුවක්කු සහ යුද ටැංකි එක්රැස් කරමින් ගොඩබිම් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටී. 


හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් පසු සෙනසුරාදා සිට ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

'ආරක්ෂාව’ සඳහා පිටව යන ලෙස ඊශ්‍රායල හමුදාව ගාසා නගර වැසියන්ට දැනුම් දෙයි

ඊශ්‍රායල හමුදාව ගාසා නගරයේ වැසියන්ට සෘජුවම අමතා, ඔවුන්ගේ "ආරක්ෂාව සහ සුරක්ෂිත බව" වෙනුවෙන් පිටත්ව යන ලෙස දැනුම් දී තිබේ.

ගාසා නගරයේ සිවිල් වැසියන්ට දකුණු ගාසා වෙත ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව නිවේදනය කරනු අසන්නට ලැබුණි.

ගාසා තීරයේ ප්‍රධාන නාගරික ප්‍රදේශයේ ජනතාව අමතනමින් ඊශ්‍රායල් නිලධාරීන් පැවසුවේ “ඔබට නැවත ගාසා නගරයට යාමට හැකි වනුයේ තමන් අවසර දෙන තවත් නිවේදනයක් නිකුත් කළ විට පමණක් බවය.

ඊශ්‍රායල් ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේ හමාස් සටන්කාමීන් ගාසා නගරයේ භූගත උමං මාර්ග තුළ සහ සිවිල් වැසියන්ගෙන් යුත් ගොඩනැගිලි තුළ සැඟවී සිටින බවයි. "ඔබේ ආරක්ෂාව සහ ඔබේ පවුල්වල ආරක්ෂාව සඳහා නගරයෙන් ඉවත් වන ලෙසත් ඔබව මිනිස් පලිහක් ලෙස භාවිතා කරන හමාස් ත්‍රස්තවාදීන්ගෙන් ඈත් වන ලෙසත්" ඊශ්‍රායලය සිවිල් වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

ඊශ්‍රායල් හමුදාව අවධාරණය කළේ සිවිල් වැසියන් තම සතුරුන් නොවන බවය.

ඊශ්‍රායලයට නොනවතින සහයෝගයක් ලබා දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රතිඥා

palas 201
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් විසින් ඊශ්‍රායලයේ සංචාරයක නිරත වෙමින් එක්සත් ජනපදය ඊශ්‍රායලයට නොනවතින සහයෝගයක් ලබා දෙන බවට ප්‍රතිඥා දෙනු ලැබීය.

රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව අවධාරණය කළේය.

“සාමය සහ යුක්තිය අවශ්‍ය ඕනෑම අයෙකු හමාස් ත්‍රස්තවාදී පාලනය හෙළා දැකිය යුතුයි,” බ්ලින්කන් සඳහන් කළේය.

"හමාස් සංවිධානයට ඇත්තේ එකම න්‍යාය පත්‍රයක් පමණයි - ඒ, ඊශ්‍රායලය විනාශ කිරීම සහ යුදෙව්වන් ඝාතනය කිරීමයි."

කෙසේ වෙතත්, සෑම ජාතියකම සිවිල් වැසියන්ට හානියක් නොවන පරිදි පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු අනතුරු අඟවා සිටියේය. " ඔබව ආරක්ෂා කර ගැනීමට ඔබ තනිවම ශක්තිමත් වෙන්න පුළුවන්, නමුත් ඇමෙරිකාව පවතින තාක් කල් කිසිදාක, ඔබ ඒ ගැන වදවිය යුතු නැහැ” රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

ඊශ්‍රායලය තම රට ආරක්ෂා කරගන්නා ආකාරය "වැදගත්" මෙන්ම "සාමාන්‍ය ජනතාවට හානි නොකිරීමට හැකි සෑම පියවරක්ම ගැනීමද ඉතා වැදගත්" බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

(මුලාශ්‍රය _ BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image