වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදන් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


අදාල සොරකම සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ අභ්‍යන්තර සේවක පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ට පැමිණිලි කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී ගබඩා පහක මේ සොරකම සිදුව ඇත.

අදාල සොරකම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් දින තුනක් ඇතුළත ලබා දෙන ලෙස කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කර තිබේ.

අදාළ වාර්තාව ලැබුණු වහාම මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා රහස් පොලිසියට බාරදෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි. 

(lankadeepa.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්