ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය ලබා දෙන්නේ 2024 වසරේ ජනාධිපතිවරණය දක්වා පමණක් බව එම
පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.
ඉන්පසු මෙරට රාජ්‍ය නායකයා කවුදැයි තීරණය කිරීමට ජනතාව ජනාධිපතිවරණයේදී කටයුතු කරනු ඇති බවත් හෙතෙම පවසයි.
රට පත්ව තිබූ නීතියක් නැති අයාලේ ගිය තත්ත්වය පාලනය කිරීම සදහා රනිල් වික්‍රමසිංහ ට අවස්ථාය ලබාදුන් බවත් එය නිසි පරිදි ඉටු කිරීම සම්බන්ධයෙන් ඔහුට ස්තූතිවන්ත වන බවත් ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (25) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඉදිරි අයවැය යෝජනාවලිය රටේ ජනතාවට මොනයම් හෝ සහන ලබාදීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස දැඩි අවධානයෙන් පසු වන බව ද ඔහු පැවසීය.