පොලීසිය සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් ශක්තික සත්කුමාර විසින්

ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා ලබන ජූනි මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් එසිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය කර ඇතැයි ඔහු චෝදනා කරයි.

එම පෙත්සම අද (26) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම්කරු කියා සිටින්නේ තමන් විසින් මුහුණු පොතේ පළ කරන ලද කෙටි කතාවක අන්තර්ගත කරුණුවලින් ආගමික නොසන්සුන්තාවක් ඇති විය හැකි බවට චෝදනා කරමින් 2019 වසරේ අප්‍රේල් මස 01 වනදා පොල්ගහවෙල පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බවය.

ඉන් අනතුරුව තමන්ව නිදහස් කිරීමට කටයුතු කෙරුණු බවත් පෙත්සම්කරු පවසයි.

zdsfrt3ඇම්නස්ටි ජාත්‍යන්තරය විසින් ශක්තික සත්කුමාර හෘද සාක්ෂිය නිසා සිරගත කරන ලද්දෙක් ලෙස නම් කරන ලදී.

 

සිය මූලික අයිතිවාසිකම් නඩුව සම්බන්ධයෙන් සමාජ මධ්‍ය ඔස්සේ සටහනක් පළකර ඇති ශක්තික සත්කුමාර මෙසේ සඳහන් කර තිබේ.

'' මා විසින් මුහුණු පොතෙහි පළ කළ අර්ධ කෙටි කතාවෙන් ලාංකේය භික්ෂුවට සහ බුදු දහමට අපහාසයක් වන බව කියමින් 2019 අප්‍රේල් 01 වන දින මා පොල්ගහවෙල ‌පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. එම අත්අඩංගුවට ගැනීමත් දින 130 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් මගින් මාගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බැවින් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද(26)දින නැවත වාරයක් කැදවන ලද අතර එය නැවත 2024 ජුනි 07 වන දින දක්වා කල්තබන ලදී. පොල්ගහවෙල ‌පොලීසියේ ස්ථානාධිපතිවරයා, හිටපු පොලිස්පති සහ නීතිපති වගඋත්තරකරුවන් ලෙස ගෙන මෙම නඩුව පවරා 2024 ජූනි මාසයට වසර 05 කි.

2019 පෙබරවාරි මස අග අර්ධ කෙටිකතාව මාගේ මුහුණු පොතේ පළ කළ අතර එයට එරෙහිව භික්ෂූන්ගෙන් පැමිණිලි ලැබී දිනකීපයක්ම පොල්ගහවෙල පොලීසිය ක්‍රියාත්මක විය .ඒගැන වෙනත් කිසිවක් නොකියමි.

මෙරට භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් අපි ගෙනයන අරගලයට මධ්‍යස්ථ මතධාරී සියලුදෙනගේම සහයෝගය ඉදිරියට ද අපේක්ෂා කරමු.''


සබැඳි පුවත් :
ශක්තික සත්කුමාරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (26) කැඳවයි

තනියම නඩු කියන ශක්තිකගේ කතාව..! - Saman4You වීඩියෝවක්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්