මාර්ග අනතුරුවලින් මේ වසරේ ගතවූ කාලය තුළ දරුවන් 115  දෙනකු

මිය ගොස් ඇති බව රථවාහන පොලිසිය පවසයි.

මෙම මරණ වාර්තා වී ඇත්තේ මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා කාලය තුළදීය.

රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවන කටයුතු මෙම මරණවලට හේතු වී ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල සඳහන් කළේය.

"අපිට මාර්ග රිය අනතුරු  2,539ක් වාර්තා වෙනවා 2022 වර්ෂයේ දී. 2023 /10/15 දක්වා 1,790ක් වාර්තා වෙනවා මාර්ග රිය අනතුරු. ඉන් අවුරුදු 18 දක්වා පවතින වයස් සීමාවල ළමුන් 129ක් නැතිවෙනවා. අනිත් එක 2023 /10/15 දක්වා ළමුන් 115ක් නැති වෙනවා. ඉතින් මේක බොහෝම ලොකු අපරාධයක්. ඒ කියන්නේ මාර්ග රිය අනතුරුවලින් වැඩියෙන්ම අපේ නැතිවෙන්නේ ශ්‍රමිකයන්. යතුරුපැදි අනතුරු තමයි අපට වැඩියෙන්ම තියෙන්නේ. උදාහරණයක් වශය‍ෙන් කිව්වොත් ළමයි රිය අනතුරට භාජනය වෙනවා. අම්මායි තාත්තායි හෙල්මට් දාගෙන පුතාව හරි දුවව හරි මැද තියාගෙන යනවා. එයාට හෙල්මට් නෑ. මම දන්නේ නෑ ආදරේ කියන්නේ මොකද්ද කියලා. පාරට වැටුණ ගමන් ඔළුව තමායි පාරේ වදින්නේ." මනෝජ් රණගල වැඩිදුරටත් පැවසිය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්