ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ගේ ඉල්ලීම මත එරට "හාට් ටු හාට් ඉන්ටර්නැෂනල්" වෙතින් තවත් රුපියල් මිලියන 985 ක

(ඩො මිලියන 2.9 ක) ඖෂධ තොගයක් ලංකාවට පරිත්‍යාග කර තිබේ.

එය එම සංවිධානය පසුගිය වසරක කාලය තුළ ලංකාවට ලබාදුන් 08 වන පරිත්‍යාගය වේ.

අදාළ ආධාර තොගය ඔක්තෝම්බර් 26 දා ගුවනින් ශ්‍රී ලංකාවට ලඟාවී තිබේ.

එම ඖෂධ අතර පිළිකා, වකුගඩු අගන්‍යාසය හා මොළය ආශ්‍රිත රෝග සඳහා ඇමෙරිකාවේ නිපදවූ ලොව නවීනතම හා මිල අධිකම ඖෂධ වේ.

මේ දක්වා ඩොලර් මිලියන 53 ක වෛද්‍ය ආධාර එම ආයතනය විසින් ලංකාවට ලබාදී ඇති අතර එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 13,000 කට අධික මුදලකි.

එම ආධාර වල ප්‍රවාහනය ඇතුළු සියලු වියදම් එම ආයතනය මගින් දරන පසුබිම ඇති කරගැනීමට තානාපති මහින්ද සමරසිංහ සමත්ව තිබේ.

ඇමෙරිකාවේ කන්සාස් ප්‍රාන්තයේ මූලස්ථානය පිහිටි ''හාට් ටු හාට්'' ආයතනය 1992 සිට මේ දක්වා ලොව රටවල් 130 කට ඩොලර් බිලියන 2.5 කට අධික අති  දැවැන්ත මුදලක ඖෂධ පරිත්‍යාග කර තිබේ. යම් රටක ස්වාභාවික විපත් වලදී එම ආයතනය විශේෂ මැදිහත්වීම් සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවට ලබාදුන් මෙම ඖෂධ තොගය වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු විදේශයකින් ලැබුණු ප්‍රථම පරිත්‍යාගය වේ.

''හාට් ටු හාට්'' වෙත සිය ස්තුතිය පිරිනැමූ තානාපති මහින්ද සමරසිංහ ලාංකීය ජනතාවගේ ගෞරවය ද එම ආයතනය වෙත පළකර තිබේ.

(අශෝක ජයතුංග වොෂින්ටන් සිට)

364230944 845514916930252 6485896484654058200 n

366730420 845514986930245 5560042539511268866 n

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්