කිරි ගවයන් සදහා වෙන් කළ තෘණ භුමියක කොටසක් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් වගා කටයුතු සිදු කරන ගොවීන්ගෙන් එම භුමිය නිදහස්

කර දෙන ලෙස බලකරමින් මන්නාරම් දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් පිරිසක් ද විරෝධතාවයක් දියත් කර තිබේ.

මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී ඔක්තෝබර් 26 වැනිදා විරෝධතා දියත් කළ නානාට්ටාන්, මුසලී  කිරි ගොවීන් සදහන් කළේ සිය ගවයන්ට තණ කැවීම සදහා වෙන් කර තිබෙන කට්ටුක්කරෙයි වැව ඇතුළු පුල්ලරුත්තාන් තෘණ භුමිය මාන්තෙයි බටහිර සහ ඉලුප්පෙයිකඩවෙයි ගම්වාසීන් බලහත්කාරයෙන් අල්ලාගෙන ගොවිතැන් කිරීම නිසා තමන් මහත් දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවයි.

තෘණ භුමිය කරා ගවයන් කැටුව යද්දී, බලහත්කාරයෙන් වගා කර තිබෙන භුමියටද ගවයන් ඇතළු වන බව පෙන්වා දෙන කිරි ගොවීන් අවධාරණය කරන්නේ එවැනි අවස්ථාවන් වලදී ගොවීන් සහ කිරි ගොවීන් අතර ගැටුම් ඇති වන බවයි.

පළාත් බද මාධ්‍යවේදීන්ට අනුව කට්ටුක්කරෙයි වැව ඇතුළු පුල්ලරුත්තාන් තෘණ භුමිය පදනම් කරගනිමින් ජීවත් වන කිරි ගොවි පවුල් ගණන 295 කි.

උතුරු පළාත් ආණ්ඩුකාරවරියගේ ද සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඔක්තෝබර් 12 වැනි දින පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ද එම භුමිය තෘණ භුමියක් ලෙස තහවුරු කළ නමුත් බලහත්කාරයෙන් වගා කටයුතු සිදු කරන ගොවීන් ඉවත් කිරීමට බලධාරීන් කිසිදු පියවරක් නොගත් බවටත් විරෝධතාකරුවන් චෝදනා කරයි.

විරෝධතාවය අවසානයේ දී සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දීමට නානාට්ටාන්, මුසලී කිරි ගොවීන් කටයුතු කර ඇත.

සිංහල ගොවීන් විසින් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් වගා කටයුතු ආරම්භ කර තිබෙන තෘණ භුමි නිදහස් කරන ලෙස බලකරමින් මයිලත්තමඩු, මාදවනෙයි කිරි ගොවීන් ආරම්භ කළ උපවාසය දින 40ත් පසුකරමින් අඛණ්ඩව දියත් වෙමින් තිබේ.

                     


Mana Govi 2023.10.28

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image